SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන 22 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ යෝජනා පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඇති බවත් එය සම්මත වීමෙන් පසුව

කුමන පාර්ලිමේන්තුවක් ඉදිරියේදී පත්වුවද එය වෙනස් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113 දෙනෙකුගේ කැමැත්ත අවශ්‍ය වන බවත් පාර්ලිමේන්තු  මන්ත්‍රී  පාඨලී චම්පික රණවක කියයි.

 

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ(19) දින එක්සත් ජනරජ පෙරමුණු මාතර දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමට සම්බන්ද වෙමිනි.

 

එහිදී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් දැක්වූ අදහස්;

 

කෝටි පහේ අල්ලස් කතාව අමූලික බොරුවක්!

 

 

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්විය නොහැකි බවත් ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 වනදා සිට ඔක්තෝම්බර් 17 අතර කාලයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාඨලී චම්පික රණවක පවසයි. එමෙන්ම මේ වනවිට කතා බහට ලක්ව ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ ක්‍රියාදාමය පාර්ලිමේන්තුවේ 113 කගේ යෝජනා සම්මතයෙන් සිදුවීම කිසිදු ප්‍රශ්නයක් නොමැති වුවත් එය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කරා යාම පිළිගත නොහැකි බව ඔහු වැඩිදුරටත් පවසයි. ඒ ජනාධිපතිවරයා මහජන මතයෙන් පත්නොවිමත් ජනාධිපතිවරයා පත්වීමේදී දුන් පොරොන්දු කඩ කිරීමක් නිසාත් ය.

 WhatsApp Image 2024 05 20 at 15.56.50

 

එළැඹෙන ජුනි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් රැස්වී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිලිබඳ සමාලෝචනයක් සිදුකර තුන්වන වාරිකය ලබාදීම පිලිබඳ තීරණය කරනු ලබන අතර ඒ සමඟ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මගින් මුදල් ප්‍රධානයන් ලැබීමට නියමිත බවත් ඒ සඳහා ශ්‍රී ලංකාව සිය විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සපුරාගන තිබිය යුතු බවත් ජනාධිපතිවරයා සිදුකළ යුත්තේ එම කාර්යය ඉටුකිරීම බව චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.

 

එහිදී මෙම 22 දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඇතුලත් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත අතර එය සම්මත වුවහොත් මීළඟට පැමිණෙන සියලු පාර්ලිමේන්තු වලට එම පනත වෙනස් කිරීම සඳහා 113 කගේ කැමැත්ත ලබාගත යුතු බවද පාඨලී චම්පික රණවක එහිදී අවධාරණය කරන ලදී.

 

p2

 

එමෙන්ම මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කෝටි 5ක අල්ලසක් ලබාදෙන බවට පැතිරයන කතාව පිළිබඳව අදහස් දක්වමින් චම්පික රණවක පවසා සිටියේ මෙය විමධ්‍යගත අරමුදල මගින් දශක ගණනවක් සංවර්ධන කටයුතු සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසුව එය නවතා දැමූ බවත් එම වසර 5ට අදාල මුදල් මේ වනවිට ලැබීම මෙම කට කතාවට මුල් වී ඇති බවය. එම මුදල් ලබාදීමේදී සපයා ඇති මාර්ගෝපදේශ අනුව එම සංවර්ධන කටයුතු සිදුකරනු ලබන්නේ ප්‍රාදේශීය සභා පළාත් සභා හරහා වන අතර එම පැතිර යන කතා සත්‍ය නොවන බවද පාඨලී චම්පික රණවක පවසයි.

 

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලක්කගත අදායම නොලැබුණ බව පවසා සිටින අතර නව සුරාසැල් බලපත්‍ර 478 ක් ලබාදීම පිළිගත නොහැකි බවත් එය අතයට ගනුදෙනුවක් බවට පත්වන බවත් ඒ පිළිබඳ මැතිවරණ කොමිසම සොයාබලා කටයුතු කළයුතු බව ජනරජ පක්ෂයේ නායකයා  අවධාරණය කර සිටියේය.

 

එමෙන්ම වාහන ආනයනය නවතා දමා ඇති මොහොතක මන්ත්‍රීවරුන්ට වාහන ආනයනයට අවසර දීම පිළිගත නොහැකි බවත් වාහන ආනයනය සිදුකරනවානම් එය මහජනයා වෙනුවෙන් පොදු ප්‍රවාහනයට අදාල හෝ කෘෂිකර්මාන්තයට අදාල වාහන ගෙන්වීම සඳහා යොදාගත යුතු බව ඔහු  වැඩිදුරටත් පවසා සිටියේය.

 

WhatsApp Image 2024 05 20 at 15.56.49 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විශ්‍රාම වැටුප පිළිබඳ මහජනතාව තුළ පවතින මතය පිළිබඳව අදහස් දක්වමින් එම විශ්‍රාම වැටුප ලබාදීම ආරම්භ වූ ආකාරය පිළිබඳ අතීත සිදුවීම පාඨලී චම්පික රණවක විසින් හෙළිකරන ලදී. අප සියලු දෙනා හට ලැබුණු වටිනාම වස්තුවක් වන නිදහස් අධ්‍යාපනය රටට ලබාදුන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණියගෙන් තමාට ජීවත්වීමට දීමනාවක් ලබාදෙන ලෙස සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම මන්ත්‍රී විශ්‍රාම වැටුප ආරම්භ වූ බවත් එහි අරමුණ වූයේ රටට වැඩදායි වූ සියලු මන්ත්‍රීන් විශ්‍රාම ගැනීමෙන් පසුව ආරක්ෂා කර ගැනීම බවත් චම්පික රණවක අනාවරණය කරන ලදී.

 

ගිය වසරේ ප්‍රධාන රාජ්‍ය ආයතන 52 ලාබය පමණක් කෝටි අසූදහසක් බවත් රාජ්‍ය ආයතන පාඩුයි බව පැවසීම බොරුවක් බව පාඨලී චම්පික රණවක පවසයි. මේ නිසාවෙන් මේවා කොටස් විකුණා ප්‍රගතියක් නොමැති බවත් එම රාජ්‍ය ආයතන නිසි කළමනාකරණයක් යටතේ සිදුකිරීම එක්සත් ජනරජ පෙරමුණ මගින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවල තුළ ඇතුලත් බවත් ඔහු පවසයි. එමෙන්ම වෙළඳපොල ක්‍රමය, බදු ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, ප්‍රවාහනය ඇතුළු රට ගොඩනැගිය හැකි සියලු ප්‍රවේශයන් පිළිබඳ එම වැඩපිළිවල මගින් ඉදිරිපත් කර ඇති බව එහිදී පාඨලී විසින් අවධාරණය කරනු ලැබිණි.

 

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ලේකම් (පා: ම පාඨලී චම්පික රණවක)