SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමැතිගේ අවසන් දසුන්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන්  සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත.

 

අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් ව ඇති අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්නට ඇති බව ඔවුහු අනුමාන කර ඇත.

 

අසර්බයිජානයේ නැගෙනහිර සහ බටහිර පළාත් ඉරානය සතු ය. ජනාධිපති රයිසි අතුළු පිරිස නැගෙනහිර අසර්බයිජානයට ගොස් ඇත්තේ  එහි වේලි දෙකක් විවෘත කිරීමට යැයි පැවසේ. අසර්බයිජාන ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 

අනතුරට පත් වෙද්දී, ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ සිට යළි ඉරානයේ ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබී ඇත.

ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු පවසති.

 

63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.

 

මේ අතර වත්මන් ජනාධිපතිවරයා මිය ගියහොත් සහ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනුමත කළහොත් පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් එම භූමිකාව භාර ගනු ඇති බව පැවසේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇත්තේ උප ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුවේ කථානායක සහ අධිකරණ ප්‍රධානියා යන රජයේ අංශවල ප්‍රධානීන් තිදෙනාට - උප ජනාධිපතිවරයාගේ භූමිකාව භාරගෙන දින 50 ක් ඇතුළත නව නායකයෙකු තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්විය යුතු බව පැවසේ.

 

(ප්‍රෙස් ටීවී)