SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් තිබෙන නො:02, වියා අඩිගේ, රෝමය (No:02, Via Adige, Rome (RM), Italy) ලිපිනයේ පිහිටුවා ඇති

ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම එරට ජීවත්වන සියළු ශ්‍රී ලංකිකයන්ගේ ආගමන විගමන කටයුතු වෙනුවෙන් හා ඉතාලියේ ජීවත්වීමට, රැඳී සිටීමට හා රැකියාවේ නිරතවීමේදී අවශ්‍යවන අත්‍යාවශ්‍ය ලියකියවිලි කටයුතු වල රාජත්‍රාන්තික භාවය වෙනුවෙන් කඩිනමින් ඇපකැපවී ක්‍රියාත්මක විය යුතු ආයතනයකි.

 

මක්නිසාදයත් ලෝකයේ සියළුම රටවල් පාහේ තම ඩයස්පෝරාවන් ජීවත්වන රටවල ඇති තම රටේ තානාපති කාර්‍යාල, ඉතා කාර්‍යක්ෂමවූත් මානුෂීය වූත් සේවාවක් සපයා ඔවුන් දිරිගන්වමින් සිටී.

 

අවසානාවකට රෝමයේ පිහිටි ශ්‍රී ලාංකා තානාපති කාර්‍යාලය යනු මෙරට පවතින රැකියා නීති රීති, ක්‍රමවේද හෝ අඩුම තරමේ සේවාව ලබාගැනීමට කිලෝමීටර් දහස් ගණන් දුරගෙවා පැමිනෙන බව මායිම් නොකොට ලංකාවේ ආණ්ඩුවේ කන්තෝරු වලට හපන් ලෙස ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අපහසුතාවයට පත්කරනා ආයතනයක් බවට පත්ව ඇත.

 

WhatsApp Image 2024 05 18 at 02.29.584

අයිතිවාසිකම් අකුරට, සේවය තුච්චයි නින්දිතයි, ලංකාවේ නිවාඩු, ඉතාලි නිවාඩු සියල්ලම බුක්ති විඳින බහිරවයෝ…..!

 

බොහෝවිට රාජ්‍ය සේවයේ සිටින අතරතුර (බහුතරයක්)  දේශපාලන පඬුරු පාක්කුඩම් ලෙස ලබා ගන්නා විදෙස් තානාපති සේවයේ තණතුරු ඒ ඒ රටතුළ සිටිනා ශ්‍රී ලංකන් ඩයස්පෝරාවට කළ හෝ කරන යහපතක් නොමැත.

 

බොහෝ විට කිසිඳු රාජත්‍රාන්තික සබඳතා පිළිබඳ විෂය ප්‍රාමාණික දැනුමක් නොමැති දේශපාලන වන්දිබට්ටයන් තානාපති කාර්‍යාලයකට රිංඟාගත් පසු එතනින් එහාට රටේ කීර්තිනාමයත්, එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉරණමත් කතා කිරීමට හෝ ලිවීමට තරම්වත් කිසිවක් නැති තත්වයට, අඝාධයට ගොස් හමාරය.

 

WhatsApp Image 2024 05 18 at 02.29.583

දෙරටේම නිවාඩු, වැටුප් වේතන හා පහසුකම් සියල්ල විළිසංඟයකින් තොරව භුක්තිවිඳින රාජත්‍රාන්තික හයිනාවෝ…..!

 

තම රටෙන් විතැන්ව, දරුපවුල්, දෙමාපියන්ගෙන් පවා ඈත්ව, අධික ශීතල, අධික රශ්මිය යන කාළගුණික දේශගුණික විපර්‍යාසයන් එක්කද හැලහැප්පෙමින් රැකියා කරන අපේම සහෝදර ශ්‍රී ලාංකික ජනතාව උපයන ඩොලරය, යූරෝව නිසාවෙන් මිනී කනත්තේ තිබූ රටේ ආර්ථිකයට හුස්මක් වැටෙමින් තිබෙන මොහොතේත්, මෙකී තානාපති කාර්‍යාල නිලධාරීන් ශ්‍රී ලාංකාවේ සියළු නිවාඩුත්, ඉතාලියේ ප්‍රකාශිත නිවාඩුත් දෙකම ලබාගැනීම මොනතරම් තුච්ච නින්දිත ක්‍රියාවක් දැයි ඔබ මොහොතකටවත් නොසිතන්නට ඇත.

 

යම් රටක තානාපති කාර්‍යාලක් සතු භූමි ප්‍රමාණය තුළ අදාල තානාපති කාර්‍යාලය නියෝජිත රටේ නීති ක්‍රියාත්මක වීම ලොව පිලිගත් රාජත්‍රාන්තික තත්වයක් උවත්, දෙරටේම නිවාඩු භුක්ති විඳීම කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන අතර, මානව හිමිකම් සම්බන්ධයෙන් නෛතික තත්වයක් දක්වා යමෙකු නීතිය හමුවට ගියහොත් අධිකරණය හමුවේ මතභේදයට තුඩුදි හැකි තත්වයක් ද විය හැක.

 

WhatsApp Image 2024 05 18 at 02.29.582

කෙසේ නමුත් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකියන් හට රෝමයේ තානාපති කාර්‍යාලය විවෘතව පවතින්නේ සඳුදා සහ සිකුරාදා පෙ:ව: 9.30 සිට ප:ව: 3.00 තෙක් පමණි. සෙනසුරාදා ඉරිදා සහ ඉතාලියේ නිවාඩුද මොවුන් විසින් භුක්ති විඳින අතරේ, ලංකාවේ නිවාඩුද නොඅඩුව භුක්ති විඳින්නේ කිසිදු විළිලැජ්ජාවක් හිරිකිතයක් නොමැතිවය..

 

මක්නිසාදයත් ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් හට සමහර ආයතන වල නිවාඩු දිනවල පවා වැඩ කිරීමට සිදුවනු ඇත ( ගෙවීම් සහිතව ). එමෙන්ම අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවාඩු ලබා ගැනීමද අසීරුවන අතර, ගුවන් ගමන් බලපත්‍රයක් අලුත් කරවා ගැනීම හෝ වෙනත් ලියකියවිලි කටයුත්තක් වෙනුවෙන් ඉතාලියේ නිවාඩු දිනයක හෝ යොමුවීමට ඇති හැකියාව, මෙකී දෙරටේම නිවාඩු කොල්ලකෑමේ සූදුව නිසා ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට අහිමිවී ඇත.

 

එමෙන්ම බොහෝ ශ්‍රී ලංකිකයන් මැසිවිලි නගන්නේ, ගුවන් ගමන් බලපත්‍රය අලුත් කිරීම හෝ අස්තානගත වී නැවත ලබා ගැනීමේදී වසරක පමණ කාලයක් ප්‍රමාද කරන බවත්, අන්තර්ජාලයේ පලකොට ඇති දුරකතන අංක නාද උවත් සම්බන්ධ විය නොහැකි බවත්, ඊ මේල් පණිවිඩ හෝ යොමුකළ නොහැකි බවය.

 

WhatsApp Image 2024 05 18 at 02.29.57

 

මෙතරම් දියුණු තාක්ෂණයක් තිබියදි ගුවන් ගමන් බලපත්‍රයක් අලුත් කරගැනීමට හා අනෙකුත් ලිපි ලේඛන රාජත්‍රාන්තිකව විධිමත් කරගැනීමට රටක් ලෙස අතිවිශාල විදෙස් විනිමයක් වියදම් කළද මෙරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු යහපතක් පහසුවක් සිදුවී නොමැති බවත්, නව පරිඝණක තාක්ෂණය, වට්ස්‍ ඇප්, සූම්, වැනි ඉතා සරල ක්‍රම හරහා මනා කඩිනම් සේවයක් සැපයීමට හැකියාව තිබියදී රටට විදෙස් විනිමය සපයා දෙන රට විරුවාගේ ජීවිත සමග සෙල්ලම් කරමින් ඔවුන් අපහසුතාවයට පත් කරන්නේ ඇයිදැයි ඔවුන් මැසිවිලි නගති.

 

WhatsApp Image 2024 05 18 at 02.29.585

(මේවා මෙසේ වූවද ලංකාවේ විදේශ සේවා අමාත්‍යාංශය හා ඇමතිවරයා නම් රට පුරා ස්මාට් සේවාවන් වෙනුවෙන් උත්සව තබමින් විශාල කතන්දර ගොතමින් යන බවද දැනගන්නට ලැබේ.)

 

@සුමුදු මද්දුම ආරච්චි

මිලානෝ,

ඉතාලිය.

nalan mendis

නවතම ලිපි