SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ ගේ ආරාධනයක් මත  ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන අතර 20 වැනිදා ඔහු විශේෂ දේශනයක් කරන බව ද සඳහන් ය.

 

මේ අතර ඊයේ (17) හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇත.

ඒ, බාලි නුවර පැවැත්වෙන ලෝක ජල සමුළුවේ දෙසුමක් පැවැත්වීමට ය.

 

ඉන්දුනීසියානු රජයේ සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරුන්ගේ කවුන්සිලයේ ආරාධනාව මත හිටපු ජනාධිපතිනිය මෙම සමුළුවට සහභාගී වන බව ආරංචිමාර්ග දැනුම් දේ.

 

මේ වනවිට ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය මැතිවරණ දෙකක් අභියස තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති අතර ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පශ්චාත් අරගලියානු දේශපාලනය තුළ ලංකාවේ ප්‍රභූ දේශපාලනය තර්ජනයකට ලක්ව ඇතැයි සැලකේ.

 

ප්‍රභූත්වය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය සියල්ලන් මේ අවස්ථාවේදී එක් පසෙකට වී ඇති බවත්, අවිඥානිකව ප්‍රභූත්වයට පෙම් බඳින්නන් ද ප්‍රභූ දේශපාලනය සුරැකීම වෙනුවෙන් විවිධ ක්‍රියාදාමයන්හි නියැලී සිටින්නේ යැයි දේශපාලන විචාරකයින්ගේ අදහස ය.

 

ඒ අනුව මෙවර ඉන්දුනීසියානු ගමනේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග අතර රහස් සාකච්ඡාවක් සිදුවීම විය හැක්කක් බව ද ඔවුන්ගේ අදහස වී ඇත.‍

 

ලංකාවේ දේශපාලන කරලිය උඩු යටිකුරු කිරීමේ මහ මොළකරුවෙකු සේ ප්‍රසිද්ධ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා මේ වනවිට 2024 මැතිවරණය තුළින් ජනාධිපති රනිල්ට අවස්ථාව ලබා දිය යුතු බවට එකඟතාවක සිටින බව ද ඇයගේ සමීපතම  ආරංචිමාර්ග හෙළි කර ඇත.

 

#Gossip

nalan mendis

නවතම ලිපි