SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඊයේ (15) වෙඩි තබනු ලැබීම

විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

 

එම වෙඩි ප්‍රහාරයෙන් අග්‍රාමාත්‍යවරයාගේ හිස සහ උදරය බරපතල ලෙස තුවාල වී ඇති අතර ඉන් අග්‍රාමාත්‍යවරයාගේ ජීවිතයට ඉන් තර්ජනයක් එල්ල විය හැකි බව එරට මාධ්‍ය පවසයි.

 

වෙඩි වැදුණු අග්‍රාමාත්‍යවරයා ඔහුගේ ආරක්ෂකයන් විසින් නිල රථයෙන් ළඟම පිහිටි රෝහලක් වෙත රැගෙන ගොස් තිබූ අතර එහිදී ඔහුව ශල්‍යකර්මයකට භාජනය කර ඇත.

 

අග්‍රාමාත්‍යවරයා රෝහලට රැගෙන එන විට ඔහුට සිහිය තිබූ බවත් ශල්‍යකර්මයෙන් පසුව ඔහුව අගනුවර රෝහලක් විතර රැගෙන යනු ඇති බව ස්ලෝවැකියානු මාධ්‍ය සඳහන් කර තිබුණි.

 

අදාළ තුවක්කුකරුව ස්ලෝවැකියා පොලිසිය විසින් අත් ඩංගුවට ගෙන ඇති අතර  ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නැත.

එසේම වෙඩි තැබීමට හේතුවද මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව ස්ලෝවැකියානු පොලිසිය ප්‍රකාශ කළේය.

 

සිද්ධිය ඇසින් දුටුවකු ස්ලොවැකියානු පොලිසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට තුන් හතරවතාවක් තුවක්කුකරු වෙඩි තැබූ බවත් වෙඩි ප්‍රහාරයට ලක්වූ අග්‍රාමාත්‍යවරයා මාර්ගයේ ඇද වැටුණු බවත්ය.

 

රොබට් ෆිකෝ අග්‍රාමාත්‍යවරයා  රුසියානු හිතවාදියෙකු ලෙස සැලකේ.