SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ අවුරුද්දේ අග වෙනකම් ආනයනය කිරීම ලිහිල් කිරීමට සුදුසු නැති බව

හිටපු මුදල් අමාත්‍යවරයෙක් වන  රවී කරුණානායක කියයි.

 

ඒ වාහන ආනයනය ලිහිල් කිරීමට අනුමැතිය ලබාදීමක් පිළිබඳව රජයේ ක්‍රියාපිළිවෙත ගැන මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

“මම දන්නෙ නැහැ ආණ්ඩුව මොකක්ද කරන්නෙ කියල. ඒත් මගේ පෞද්ගලික මතය වෙන්නෙ මේ රටේ තවමත් එවැනි ආනයනික කිරීම් ඔරොත්තු දීමේ හැකියාවක් නැහැ. ඉතිං මෙවැනි දෙයක් අව්රුද්ද අග වෙනකල්, ඩොලර් ටික අපි ආරක්ෂා කරගන්න පුළුවන් නම් ඒක රජයේ අභිවෘද්ධියට වඩාත් හොඳයි.

කාර් ගේන එක සීමිත පිරිසකට තමයි උවමනා වෙන්නෙ. ඊට වැඩිය අපේ රටේ සීමිත ඩොලර් ප්‍රමාණය ආරක්ෂා කරගැනීම වැදගත්. ඒ විතරක් නෙවෙයි අපි දැනගන්න ඔින අපි නාස්තිකාර වියදම්වලට වැඩිය අත්‍යවශ්‍ය භාණ්ඩ වලට මේව ගෙනැල්ල රුපියල ශක්තිමත් කරල ඒක තුළින් ආනයන මිල අඩුකිරීමක් තමයි අපිට අවශ්‍ය කරන්නෙ.

ඒ නිසා මගේ පෞද්ගලික මතය මේක මේ අව්රුද්දෙ අග වෙනකල් ලිහිල් කරන්න හොඳ නෑ”