SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මීට සුළු මොහොතකට පෙර ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කර ඇත.

ඒ හිඟ විදුලි බිල් නොගෙවීම නිසාවෙන් යැයි වාර්තා වේ.

 

මේ වනවිට ජාතික රූපවාහිනිය ලංකා විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු හිඟ විදුලි බිල රුපියල් මිලියන 10ක් පමණ වන බවද ආරංචිමාර්ග සඳහන් කරයි.

 

මෙවන් තත්වයක් පවතිද්දී වර්තමාන ජනමාධ්‍ය ඇමතිවරයාගේ සමීපතමයෙකු වූ රූපවාහිනියේ සභාපතිවරයා පසුගිය දිනවල උත්සාහ ගත්තේ නව වෙබ් නාළිකාවක් ස්ථාපිත කිරීමට මුදල් යෙදවීමටය.

තම විදුලි බිලවත් ගෙවාගත නොහැකි තත්වයක, වෙබ් නාලිකාවක් අනවශ්‍ය බවත්, සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් තුළ නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම මුදල් කාබාසිනියා කිරීමක් බවත් සේවකයන් එහිදී පෙන්වා දී තිබුණි .

රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහට එරෙහිව එහිදී සේවකයින් පවසා ඇත්තේ මේ වන විටත් රූපවාහිනි සංස්ථාව රුපියල් මිලියන තුන්දහසකට වඩා වැඩි මුදලක් ණය වී ඇති බව ය.

සංස්ථාවට විදුලි බිලද ගෙවාගත නොහැකි තත්ත්වයක් තුළ ‘රෑ රේඩියෝ’ නම් නව නාළිකාව ආරම්භ කිරීම සඳහා ලක්ෂ තුනක පමණ මුදලක් පාලනාධිකාරිය විසින් ඒ වන විටත් වියදම් කිරීම ගැන සේවකයන් විරෝධය පළකොට තිබුණි.

සේවකයන්ගේ විරෝධය නිවැරදි බව දැන් ඔප්පු වී ඇත.

රූපවාහිනියේ සභාපතිවරයා නම් මේවා මෙසේ වුවද ඉල්ලා අස්වන්නේ නැති බව ‌ඔහුට සමීපතමයන්ගේ අදහස ය.