SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෑස්, ඉන්ධන සහ ඖෂධ ආනයනයේදී සුවිශාල වංචාවක් සිදුකර ඇති ආණ්ඩුව මෙවර සිදුකර ඇත්තේ බැඳුම්කර වංචාවට නොදෙවැනි වංචාවක් බව

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළේය.

 

එසේම බැඳුම්කර වංචාවේ වටිනාකම බිලියන 10ක් වූ නමුත් VFS වීසා වංචාවේ වටිනාකම බිලියන 15ක් බව ඔහු පෙන්වා දේ.

 

ජනතාව දැඩි ජීවන අරගලයක නිරතව සිටින මොහොතක ආණ්ඩුව මෙවැනි වංචා සිදුකිරීම සහගහන අපරාධයක් බවත් මරික්කාර් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

 

“මෙතුමන්ලා කියනවා දැන් තෙල් අර්බුද නැහැ, ගෑස් අර්බුද නැහැ, කරන්ට් කපන්නේ නැහැ කියලා . පොදු ජනපෙරමුණේ කට්ටියට ජන මතයක් දැන් නැති නිසා එතුමන්ලාට ගමට යන්න බැරි නිසා  ගම ඇතුළට ගිහිල්ලා ජනතාව ජීවත් වෙන විදිය දන්නේ නැතුව ඇති.  සෙට් එකේ තෙල් තිබුනට ගහන්න සල්ලි නැහැ. කඩේ බඩු තිබුණට බඩු ගන්න සල්ලි නැහැ. කරන්ට් කපන්නේ නැති උනාට ගෙවල් ලක්ෂ දහයක කරන්ට් කපලා. පාසල් වලට ළමයින් යන්නේ ශිෆ්ට් ක්‍රමයට. ඉස්පිරිතාලවලට ලෙඩ්ඩු යන්නෙ නැහැ බාල බෙහෙත් බීලා මැරෙන්න වෙයි කියලා බයට. සමාජයේ මේ විදිහට මිරිකිලා ඔහේ ජීවත් වන තත්ත්වයක් තියෙන්නේ. දවල්ට කාලා රෑට කන්නේ මොනවද කියල කල්පනා කරන්න වෙලා තියෙන්නේ. දරුවන්ගේ හෙට දවසට වෙන්නේ මොනවද කියලා බයක් තියෙන්නේ. අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් තමයි මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ ඔක්කොමලා කයිය ගැහැව්වට තවම අපි බංකොලොත් රාජ්‍යයක්. ලබන අවුරුද්ද වෙද්දි ණය ගෙවන්න ඕන. 

 

දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට භාරගනිද්දී ඩොලර් මිලියන 83,000 ක් විතර තිබ්බේ. දැන් ඒක ඩොලර් මිලියන 90,000 ට නැගලා. එතකොට අපි ලබන අවුරුද්දේ මේ ණය ගෙවන්න ආරම්භ කළහම ආදායම වැඩි වුණේ නැත්නම් අනිවාර්යයෙන් තව බදු ගහනවා. වර්තමාන ආණ්ඩුව හිතාගෙන ඉන්නේ බදු විතරයි එකම ආදායම කියලා. මුලදිත් මේගොල්ලෝ ඔහොම තමයි කිව්වේ ඔන්න විරුවෙක් වැඩ්ඩෙක් මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ ඔක්කොම එකට ගේනවා කියලා. ඊට පස්සේ සල්ලි අච්චු ගහනකොට අපි කිව්වා ඕක කරන්න එපා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා. අපි කියපු දේ අහන්නේ නැතුව දැන් අපිට පොර ටෝක් දෙන්න එනවා.

 

අනිත් පැත්තෙන් පොහොර තහනම ගෙනහල්ලා නිෂ්පාදනය සම්පූර්ණයෙන් අවහිර කරලා රට බංකොලොත් කළා. ඒගොල්ලෝ වික්‍රමසිංහ ජනාධිපතිතුමාව ගෙනහල්ලා ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇනගෙන ඇනගෙන යන්නා වගේ බදු ගහගෙන ගහගෙන ගහගෙන ගිහිල්ලා රට මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ.

 

මේ තත්ත්වය තුළත් තවම හොරකම තමයි සිද්ධ වෙන්නේ. ගෑස් වලින් හොරකම් කරනවා මේ බංකොලොත් රටේ. තෙල් වලින් හොරකම් කරනවා මේ බංකොලොත් රටේ. බෙහෙත් වලින් හොරකම් කරා. දැන් අලුත්ම එක තමයි vfs එකෙන් ගහන්නේ  . ආගමන විගමන එකේ server එක මොබිටෙල් එකෙන් වැඩිදියුණු කරලා ඔවුන් ඩොලරයක් ඉල්ලද්දි මේගොල්ලෝ ඒක vfs එකට දීලා ඩොලර් 25ක් දෙන්න යනවා. මහා පරිමාණයෙන් එක ඩීල් එකක් වෙනවා ඡන්දයක් කිට්ටු වෙනකොට.

 

අනිත් එක vfs එක tourism promote කරන ආයතනයක් නෙමෙයි. ඔවුන් විසින් වීසා ලබාදෙන්න කිසි බලයක් නැහැ. ඒක රාජ්‍ය විසින් කරන්න ඕන. ප්‍රාඥ නියෝජනය කරමින් තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස් කාර්යාල ලබාදෙන්න ඕන. ඔවුන් කරන්නේ visa processing කරන එක විතරයි. ටෙන්ඩර් පටිපාටියක් හෝ වෙනත් අයගෙන් විමසීමක් හෝ නැතුව විශේෂඥ දැනුම නැති වාර්තාවක් පදනම් කරගෙන unsolicited proposal එකක් දුන්නේ මේකෙන් කන්නම තමයි. ඉදිරි කාලයේදී අපි මේ ගැන මීට වඩා හෙළිදරව් කරනවා.

 

පොහොට්ටුවෙන් අපේ ආර්ථික වැඩපිළිවෙළ ගැන අහපු අයට කියන්න කැමතියි බදු ඇරෙන්න එතුමලා මොනවද කරලා තියෙන්නේ? Imf එක කියන කියන විදියට රූකඩයක් වෙලා බදු ගහගෙන ගහගෙන යන එක විතරයි කරලා තියෙන්නේ. සෘජු විදේශ ආයෝජන ගේන්න මොනවද කරලා තියෙන්නේ?. මේ සභාවේදීම මම කිව්වා ගිය අවුරුද්දට සත පහක්වත් ඇවිල්ලා නැහැ ඍජු විදේශ ආයෝජන කියලා. ගිවිසුම අත්සන් කරලා තියෙනවා ඩොලර් බිලියන 1.8 ට. ඒත් තවම සත පහක්වත් ඇවිල්ලා නැහැ. රාජ්‍ය ආදායම හදනවා කියලා කියන්නේ අපනයනය වැඩි කිරීම විතරක් නෙමෙයි ලෝකය තුළ අලුත් වෙළඳපොළවල් ඇතිවෙලා තියෙනවා. තොරතුරු තාක්ෂණ වෙළඳපොළ මූල්‍ය වෙළඳපොළ වගේ දේවල් වලට ඇතුල් වෙලා නැහැ. ඒ වෙනුවට රාජ්‍ය සම්පත් විකිණීම තමයි මේ ආණ්ඩුව කරන්නේ.

 

ඇඟලුම් ආදායම තවත් 25% කින් වැඩි කරන්න පුළුවන්. ඩොලර් මිලියන 2500කින් ආදායම් වැඩි කරන්න පුළුවන් ඒකෙන්.  ඒවගේම සෘජු විදේශ ආයෝජන එන්නේ නැති හේතුව අපි හොයන්න ඕන. හේතුව තමයි මේක වංචාවෙන් දූෂණයෙන් පිරි රාජ්‍යයක්. ඔවුන්ට දඬුවම් නොලැබෙන  නිසා ආයෝජකයන්ට විශ්වාසය නැහැ. ඒ නිසා ආයෝජන විශ්වාසය ඇති කරලා ඔවුන්ව මෙහෙට ගෙන්නලා ඔවුන්ව දිරි ගන්වලා සෘජු විදේශ ආයෝජන වැඩිකිරීමෙනුත් ඩොලර් ආදායම වැඩි කරන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට  අපි විරුද්ධ නැහැ නමුත් කියන කියන පදයට නටන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ගමන යන්න ඕන නමුත් මේ ගිවිසුම සමාලෝචනය කරන්න ඕන. ඒ අවස්ථාවේදී අපේ ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරන්න ආදායම වැඩි කර ගනිමින්. ණය ගෙවීමේ හැකියාව වර්ධනය කළහම ඔවුන්ගේ කොන්දේසි වලට අපේ විරෝධතාවය ඔවුන් පිළිගන්නවා. අපි නිකම්ම හිටියොත් තමයි අපේ ණය ගෙවීමේ හැකියාව වැඩි කරන්න ආදායම් වැඩි කරන්න අරකට මේකට බදු ගහන්න අරම කරන්න මෙහෙම කරන්න කියලා කියන්නේ. ඒ නිසා රාජ්‍ය ආදායම අපනයනයෙන්, අලූත් වෙළඳපොළවල් වලට  ඇතුල්වීමෙන්, සෘජු විදේශ ආයෝජන දිරිගැන්වීමෙන්, තමයි ණය ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම බදු අඩු කරලා බඩු මිල අඩු කරන්නත් පුළුවන් වෙන්නේ.

 

පෙට්‍රල් ලීටරේ රුපියල් 250ට විතර අඩු කරන්න නම්, වැට් බද්ද 18% ඉදලා 12% දක්වා අඩු කරන්න නම්, ඒ වගේම ගෑස් සිරින්ඩරේ රුපියල් 2600 ට විතර අඩු කරන්න පුළුවන්නම්, මේ රටේ බඩු මිල බෙහෙත් මිල හැම දෙයක්ම අඩු වේවි. ඒක කරන්න නම් අනිවාර්යෙන්ම ඩොලර් ආදායම වැඩි කරන්න ඕන. වර්තමාන ආණ්ඩුව ඩොලර් ආදායම් වැඩි කරන්න කිසි දෙයක් නොකළට ඒ වෙනුවට වෙන වෙන රාජ්‍යවල අල්ලේ නැටවෙන රූකඩයක් බවට පත්වෙලා තියෙනවා  .ගිය අඟහරුවාදා එක්තරා පුවත්පතක දාලා තියෙනවා එක රටක තාමාපති කෙනෙක් කියනවා අනිත් රටවල් වලට එන්න දෙන්නැහැලු . කවුද මේ ගොල්ලෝ? අපි නොබැදි ප්‍රතිපත්තිය අනුගමනය කරන රටක් විදිහට අපිට ඇමරිකාව වුණත් චීනය වුණත් එංගලන්තය වුණත් ඉන්දියාව වුණත් අපිට එකයි. එක එක රටවල් වල තානාපතිවරු අල්ලේ නටවන තැනට පත් කරන්න බැහැ. මේ රාජ්‍ය සම්පත් විකිණීම සම්බන්ධව ශෙහාන් සේමසිංහ මැතිතුමා මම නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, මං අවුරුදු දහයක් ජනාධිපති වෙලා හිටියත් එක රාජ්‍ය ආයතනයක්වත් විකුණන්නේ නැහැ. ඒ නිසා මේ ජනාධිපතිවරණය කිට්ටු කරලා රාජ්‍ය ආයතන විකිණීම වහාම නවත්වන්න කියලා එතුමා කියන්නේ. අපි කිව්වොත් නේ වැරදි. ඔබතුමන්ලාගේ සදාදරණීය නායකයා තමයි කියන්නේ. නැවත වතාවක් දිනන්න තියෙන්නෙත් එතුමගේ නායකත්වයෙන් ගියොත් තමයි. එතුමා තමයි කියන්නේ රාජසම්පත් විකුණන්න එපා කියලා. එනිසා එතුමා කියන දේටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න කියලා අපි කියන්න කැමතියි.

 

ස්සෙල්ලා මෙතනදි කතා උනා ඩයනා ගමගේ මහත්මියට අපි දෝෂාරෝපණය කරනවා කියලා. ඒකට අපිට කිසිදු වුවමනාවක් නැහැ. මං දැක්කා මෙතන සමහර අය මැතිවරණ පනත කියවන්නේ නැතුව ඇවිදිල්ලා මැතිවරණ නීතිය ගැන කියවන්නේ නැතුව ඇවිල්ලා මෙතන නන් දොඩවනවා. ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙක් නෙමෙයි කියලා තීන්දුව දුන්නේ අපි නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය.

 

හිටපු ආගමන විගමන පාලක ජෙනරාල් යූ.වී.සරත් සිරි මහත්මයා 2021.12.15 ලේකම්, රාජ්‍ය ආරක්ෂක හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපියක් ලියලා තියෙනවා  , මම මේක සභාගත කරනවා, ඒකෙ ලියලා තියෙනවා,  මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමිය 2004 වර්ෂයේ සිට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන පාස්පෝට් අංකය දාලා , .. දරන ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරන බවද, එම ප්‍රතිපාදන අනුව ශ්‍රී ලාංකික පුරවැසිභාවය හෙළි නොකොට තමයි ලංකාවේ පාස්පෝට් එකක් අරන් තියෙන්නේ. ඒ නිසා එතුමා කියනවා ඒ අනුව මන්ත්‍රීතුමිය සඳහා ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාදිය නොහැකි බව නිරීක්ෂණය කරමි කියලා. අපි නෙමෙයි කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යවපු තොරතුරු වලින් හොයාගෙන. ඒ නිසා බ්‍රිතාන්‍ය පුරවැසියන්ට මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න බැහැ කියන තීන්දුව දීලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒකට අපිට දොස් කියලා වැඩක් නෑ හැබැයි ගිය එක නම් ලොකු දෙයක්. ඒකට අපි සතුටු වෙනවා”.

 

@මාධ්‍ය ඒකකය