SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

United Youth තරුණ එකමුතුව විසින් සංවිධානය කළ "ගමට ක්‍රිකට්" වැඩසටහනේ සමාරම්භක පුහුණු වැඩමුළුව සහ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වූ සුහද ක්‍රිකට් තරගයක් පසුගියදා පැවැත්විනි.

 

ඒ පසුගිය 11 වැනි දින  හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රීඩාංගනයේදී ය.

 

WhatsApp Image 2024 05 13 at 15.00.46

 

මෙම අවස්ථාවට United Youth සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, උපදේශක මණ්ඩල අධ්‍යක්ෂ මනෝජ් පුංචිහේවා, United youth කලා එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත්, United youth ක්‍රීඩා එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම ඇතුළු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගි වීය.

 

පුත්තලම් දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින් 150ක පමණ ප්‍රමාණයක් මෙම පුහුණු කඳවුරට සහභාගි වී තිබූ අතර  එම ක්‍රීඩකයන් අතරින් තිස් දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නිර්මාණය කිරීම ද මෙහිදී සිදු කර ඇත.

 

WhatsApp Image 2024 05 13 at 15.00.48

 

ඔවුන්  අතරින්  විශේෂ දක්ෂතා සහිත ක්‍රීඩකයින් ඉදිරියේදී ප්‍රධාන ක්‍රීඩා තරගාවලි වෙනුවෙන් යොමු කිරීමේ හැකියාව ද සලකා බැලීමට නියමිතව ඇතැයි යුනයිටඩ් යූත් සභාපති සුදත් චන්ද්‍රසේකර ප්‍රකාශ කරයි.

 

WhatsApp Image 2024 05 13 at 15.00.42

 

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් එම ක්‍රීඩාංගණයට ලණු පැදුරක් ලබාදීමට කටයුතු කළ අතර එම පරිත්‍යාගය වෙනුවෙන් පැමිණ සිටි ක්‍රීඩකයන් සහ දෙමව්පියන් විසින් ශම්මි සිල්වා වෙත විශේෂ ස්තූතියක් පිරි නමා තිබුණි.

 

@United Youth මාධ්‍ය ඒකකය

WhatsApp Image 2024 05 13 at 15.00.17WhatsApp Image 2024 05 13 at 15.00.18WhatsApp Image 2024 05 13 at 15.00.21WhatsApp Image 2024 05 13 at 15.00.22WhatsApp Image 2024 05 13 at 15.00.26WhatsApp Image 2024 05 13 at 15.00.28WhatsApp Image 2024 05 13 at 15.00.30WhatsApp Image 2024 05 13 at 15.00.37WhatsApp Image 2024 05 13 at 15.00.39WhatsApp Image 2024 05 13 at 15.00.40WhatsApp Image 2024 05 13 at 15.00.41WhatsApp Image 2024 05 13 at 15.00.44WhatsApp Image 2024 05 13 at 15.00.49WhatsApp Image 2024 05 13 at 15.00.56WhatsApp Image 2024 05 13 at 15.00.57WhatsApp Image 2024 05 13 at 15.00.58WhatsApp Image 2024 05 13 at 15.01.01WhatsApp Image 2024 05 13 at 15.01.03WhatsApp Image 2024 05 13 at 15.01.10WhatsApp Image 2024 05 13 at 15.01.16WhatsApp Image 2024 05 13 at 15.01.17WhatsApp Image 2024 05 13 at 15.01.18