SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ මුල්ලිවයික්කාල් සතිය යාපනය විශ්වවිද්‍යාලය හා තවත් සංවිධාන කීපයක් විසින් 11 දා සිට ආරම්භ කොට තිබේ.

යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ලේ දන්දීමේ ව්‍යාපාරයක් යාපනය විශ්වවිද්‍යාලයේදී සංවිධානය කොට තිබුණි.

මුල්ලි 3මුල්ලි 5

 

ඊට අමතරව මුල්ලිවයිකාල් කැඳ බෙදා දීමේ උත්සව උතුරේ සෑම ප්‍රදේශයකම ආරම්භ කොට ඇත.

 

යුද්ධයේ අවසන් කාලවකවානුවේදී සියලුම දෙමළ ජනතාව මුල්ලිවයික්කාල් ප්‍රදේශයට කොටි සංවිධානය විසින් එක්රැස් කොට ඔවුන්ට පලා යෑමට ඉඩ නොදුන් අවස්ථාවේදී එම ජනතාව කුසගින්න නිවා ගැනීම සඳහා දිනකට එක් වාරයක් පමණක් කැඳ සාදා ආහාරයට ගත්හ. එම සිද්ධිය සිහිපත් කිරීම සඳහා සෑම වසරකම මැයි මාසයේ 11 වැනිදා සිට උතුරේ සෑම ප්‍රදේශයකම කැඳ බෙදාදීමක් සිදුවන අතර එම කැඳ හඳුන්වනු ලබන්නේ මුල්ලිවයික්කාල් කැඳ වශයෙනි.

 

යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ අවසන් උළෙල 19 දා මුලතිව් මුහුදු වෙරළේ ඉදිකොට ඇති මුල්ලිවයික්කාල් ස්මාරකය අබියසදී ආරම්භ වන අතර එම ස්මාරකය අවට පිරිසිදු කොට සුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන ද මේ දිනවල ක්‍රියාත්මක වෙයි.

මුල්ලි අවසන් 2මුල්ලි අවසන් දින කිහිපය 1 

@ divaina