SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තරුණ එකමුතුව (United Youth) විසින් මාතලේ තානායම් පරිශ්‍රයේදී  සංවිධානය කරන ලද ප්‍රවර්ධන වැඩසටහන

පසුගිය දා මාතලේ දිස්ත්‍රික් ජනතා සහභාගිත්වයෙන් පැවැත්විණි.

 

WhatsApp Image 2024 05 06 at 19.40.181

 

මාතලේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක උජිත් අනුරාධ විසින් සංවිධානය කර තිබූ මෙම වැඩමුළුව සඳහා යුනයිටඩ් යූත් සංවිධානයේ සභාපති සුදත් චන්ද්‍රසේකර, ප්‍රවීණ රංගන ශිල්පීන් වන ශෂී විජේන්ද්‍ර, අර්ජුන කමලනාත් සහ ශෂිකලා හෙට්ටිආරච්චි, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජීවන්ත කුලතුංග, අකලංක ගණේගම සමග යුනයිටඩ් යූත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඇතුඵ විශාල පිරිසක් එක්ව ඇත.

 

su

 

මෙහිදී අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ  සභාපති සුදත් චන්ද්‍රසේකර කියා  සිටියේ පාට භේද, කුල භේද, ජාතිභේද, සහ ආගම් භේද අමතක කර සියලු දෙනාම රටේ අනාගතය  වන  තරුණයන්ගේ අනාගතය වෙනුවෙන් එක්ව රට ගැන සිතා  වැඩ කළ යුතු කාලය දැන් එළැඹ ඇති බවය.

පසුගිය අවුරුදු 70 පුරාවටම විවිධ දේශපාලන පක්ෂ,  විවිධ මුහුණුවරින් ගෙනෙනු ලැබූ විවිධ බොරු පොරොන්දු වලට අප රැවටුන බවත්, තවදුරටත් බොරු පොරොන්දුවලට ජනතාව  රැවටීමට දේශපාලකයින්ට ඉඩ ලබා දීය යුතු නැති බවත් ඔහු සඳහන් කරයි. බොරු පොරොන්දු දේශපාලනය වෙනුවට ප්‍රතිපත්තිමය දේශපාලනයක් තුලින් ජාතික ප්‍රතිපත්තියකට සියලුම දේශපාලන පක්ෂ තල්ලු කිරීමට වගබලා ගැනීම පුරවැසියන් වශයෙන් තම යුතුකම බවද සුදත් චන්ද්‍රසේකර වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

 

WhatsApp Image 2024 05 06 at 19.40.13

 

ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත් අදහස් දක්වමින්,

 

“පසුගිය දිනක  අනුර කුමාර දිසානායක සහෝදරයා කියලා තිබුනා මිනීමරු දුමින්ද සිල්වා මහතාට කිසිදු අවස්ථාවක තමන්  බලයට පත් වූ පසු ජනාධිපති සමාවදීම සම්බන්ධයෙන් සලකා බලන්නේ නැහැ කියලා. මම මුළු හදවතින්ම අනුර කුමාර දිසානායක සහෝදරයාගේ කතාව හා එකඟ වෙනවා. මම දන්නවා දුමින්ද සිල්වාට අනුර කුමාරගෙන් ජනාධිපති සමාවක් නම් ලැබෙන්නෙ නැහැ මේ ආත්මයට නම්. මොකද කවදාක්වත්.. කවදාක්වත් අනුර කුමාර දිසානායක  ලංකාවේ ජනාධිපති වෙන්නේ නැති නිසා.  දුමින්ද සිල්වා මොනවා වුනත්, ඇත්තටම කොළඹ දිස්ත්‍රික්කයේ විශාල සේවයක් කරපු තරුණ දේශපාලනඥයෙක්”.

 

WhatsApp Image 2024 05 06 at 19.40.14WhatsApp Image 2024 05 06 at 19.40.16WhatsApp Image 2024 05 06 at 19.40.17WhatsApp Image 2024 05 06 at 19.40.18WhatsApp Image 2024 05 06 at 19.40.151WhatsApp Image 2024 05 06 at 19.40.152WhatsApp Image 2024 05 06 at 19.40.161WhatsApp Image 2024 05 06 at 19.40.171

@තරුණ එකමුතුව මාධ්‍ය ඒකකය