SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැන් මේ පරාටේ නීතිය අහෝසි කරන එකට ඇහැ යොමු කරද්දී වර්තමාන ආණ්ඩුව මේ බංකොලොත් රාජ්‍යය තුළ කරන මහා පරිමාණ හොරකම් ටික

කිසි විදියකින් අඩුවෙලා නැහැ.

අලුත්ම එක තමයි වීසා ප්‍රශ්නය.

 

2021 ජුලි 29 වැනිදා  කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙනවා ETA  system එක , එහෙම නැත්නම් electronic travel authorization  system එක දැනට මොබිටෙල් එකේ තියෙන එක  upgrade කරන්න කියලා. ඊළඟ සතියේ ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබෙනවා. එහෙම තියෙද්දි තමයි ගිය අවුරුද්දේ තුන්වෙනි පාර්ශ්වයකට visa processing  එක ලබා දෙන්නේ. ඇත්තටම IVS global  සමාගමේ කාර්යභාරය වීසා ලබාදීම නෙමෙයි. වීසා ලබා දෙන්නේ සංචාරකයන් එනකොට on arrival  එකේදි immigration  එකෙන් , එහෙම නැත්නම් අදාළ රටේ තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය ලබා දෙනවා.

VFS Global  කියන සමාගම මේ රටවල් 64ක් තියාගෙන කරන්නේ දියුණු රටවල් වලට අපි වගේ දුප්පත් රාජ්‍යවල පුරවැසියන් ගිහිල්ලා ඒ රටවල්වල පදිංචි වෙන එක නතර කිරීම සඳහා මැදිහත් වීමට. ඒකනේ VFS එක ඇප්ලිකේෂන් එකක් දානකොට ඉඩම් ඔප්පු ඉල්ලන්නේ, මාස 6ක financial statement ඉල්ලනවා. EPF /ETF, salary documents  ඉල්ලනවා. ඒවා ඕස්ට්‍රේලියාව ජපානය යුරෝපා රාජ්‍යය වගේ කරන්නේ මේ දියුණු වෙමින් පවතින රටවල්වල ඉඳලා එන අය නවත්වන්න.

එතකොට අපගේ මුඛ්‍ය පරමාර්ථය සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා මෙහෙට සංචාරකයන් ගෙන්වා ගන්න නම් මේ විදිහට ගණන් වැඩි කරලා මේ විදිහට තුන්වෙනි පාර්ශවයකට ලබාදීමේ අරමුණ මොකක්ද කියලා තේරෙන්නේ නෑ.

 

විශේෂයෙන්ම IVS global කියන සමාගම වාර්තාවක් ලබා දුන්නහම ඒක පදනම් කරගෙන තමයි කැබිනට් අනුමැතිය ලබාදෙන්නේ. මේ කබිනට් අනුමැතිය ලබාගන්න කමිටුවක් පත් කරද්දී ඒකෙ කිසිදු තාක්ෂණික  විශේෂඥයෙක් පත්කරල නෑ. අමාත්‍යංශ ලේකම් අමාත්‍යාංශ අතිරේක ලේකම් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා මේ කට්ටිය තමයි ඉන්නෙ. මේ සබ්ජෙක්ට් එකේ විශේෂඥයෙක් නැහැ. මේකේ තියෙන භයානකකම තමයි රටේ ජාතික ආරක්ෂාවට අවශ්‍ය දත්ත ටික මේකේ තියෙනවා. සම්පූර්ණ නැති කමිටු වාර්තාවක් පදනම් කරගෙන තමයි කැබිනට් මණ්ඩලය මේ සමාගමට visa processing එක භාර දෙන්නේ.

 

කැබිනට් මණ්ඩලයේ මේක ලබාදෙද්දී ඊට කලින් මොබිටෙල් සර්වර් එක දියුණු කරන්න කියලා කියපු එක තුට්ටුවකට මායිම් කරන්නේ නෑ. අනිත් එක තමයි මේකේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් වෙලා නැහැ. තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවක් මේකේ නැහැ.

කැබිනට් මණ්ඩලයේ ඉන්න අය කියනවානම් අපි දැක්කේ නැහැ දන්නේ නැහැ වගේ කතා  , පට්ට පල් බොරුවක්. Observation period එකක් දෙනවානේ කැබිනට් මණ්ඩලයට.  මේකෙත් කමිටු වාර්තාව දැම්මට පස්සේ නැවත සතියක කාලයක් තිබිලා තියෙනවා. අඩු තරමේ කවුරුහරි ඇමතිවරයෙක් මේකට විරුද්ධනම් ඒක ප්‍රකාශ කරලා ඒක සටහන් කරගන්න කියලා හරි කියන්න එපායැ. මේක මහදවල් මංකොල්ලයක්.  ගියපාර මහ බැංකු මංකොල්ලය උනා වගේ මංකොල්ලයක් වෙලා තියෙන්නේ.

මේකෙ අනිත් කෑල්ල තමයි එන හැම සංචාරකයන්ගෙන් ම ඩොලර් 18.50 ක් ගෙවන්න වෙනවා මේ කොම්පැනියට. මොනවටද එහෙම ගෙවන්න ඕන ? මේ සමාගම පොරොන්දු වෙලා තියෙනවලු 2025 වන විට සංචාරකයන් මිලියන 5.4 ක් දක්වා වැඩි කරනවා කියලා. මං දන්නෑ මේ IVS global කියන සමාගම,  සමාගම් තුනක එකතුවක් විදිහට මේවයේ ප්‍රොෆයිල් වලට ගිහින් බලපුවහම මේ සමාගම ටුවරිසම් ප්‍රොමෝෂන් කරන සමාගමක් නෙමෙයි. ඒ වගේම ඔවුන්ට වීසා ලබා දීමේ අයිතියකුත් නැහැ. ඔවුන් පෙන්නලා දීලා තියෙනවා චාට් එකක් e-visa ලබාදීම, global consular and passport services , visa on arrival service, expact service, biometric service , global tourism promotion , travel insurance.

එතකොට මේ travel insurance කියන්නේ, ලබැඳියාවන් අතර ගැටුමක් එන විදිහට insurance  එකක් ලබාදීමත් මේක අස්සෙම තව බිස්නස් එකක් විදියට ලබාදීලා තියෙනවා.

 

එතකොට මේක ලබැඳියාවන් අතර ගැටුමක්. කෝ මේකට ප්‍රසම්පාදන ක්‍රියාවලියක්.?  කෝ ටෙන්ඩර් පටිපාටියක්.? කෝ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තාවක්? රජයට එන්න තියෙන ආදායම් තව කාටවත් දෙන්නේ මොකටද?

 

මේගොල්ලෝ මේ ගිවිසුම දීලා තියෙන්නේ අවුරුදු දෙකෙන් දෙකට ගාන වැඩි කරන්නත් පුළුවන් වෙන විදිහට. මේ ගිවිසුම ඉවර වෙද්දී ඩොලර් මිලියන 841  විතර ලාභයක් ලැබෙන විදිහට තමයි හදල තියෙන්නෙ. උදාහරණයක් විදිහට 2024 දී අපේක්ෂිත සංචාරකයන්ගෙන් ඩොලර් මිලියන 35ක් 2025 දී ඩොලර් මිලියන 43ක්, 2026 දී ඩොලර් මිලියන 49ක් ,  2027 දී ඩොලර් මිලියන 56ක්, 2028 දී ඩොලර් මිලියන 62ක්, 2029 දී ඩොලර් මිලියන 68ක්, 2030දී ඩොලර් මිලියන 74ක් , 2031 දී ඩොලර් මිලියන 80ක්, 2032 දී ඩොලර් මිලියන 86ක්, 2033 දී ඩොලර් මිලියන 92ක්, 2034 දී ඩොලර් මිලියන 96ක්, 2035 දී ඩොලර් මිලියන 100ක් විදියට වැඩිවෙන විදිහට තමයි මේක ලබාදීලා තියෙන්නේ. එතකොට මේකෙන් පේන්නේ එකපාර හොරකම් කරනවා විතරක් නෙමෙයි , අවුරුදු පතා ගාන එන විදිහට.

 

මේක කරන්නේ ජනාධිපතිවරණයට සල්ලි හොයන්නද? තව මාස තුනයි මේ ආණ්ඩුවට කාලය තියෙන්නේ. ආයෙ එන්නේ නැති බව දන්න නිසා ඉවර වෙන්න කලින් එකපාර ගිලින්නද මේක කරල තියෙන්නේ? එනිසා මේ හොරකම වහාම නවත්වන්න ඕන. ජනාධිපති මාධ්‍ය අංශයෙන් ඊයේ ජනතාවගේ මූණට වැලි ගහලා දැන් මේක ඩොලර් පනහ දක්වා අඩු කරල. එතකොට ඒකෙන් ඩොලර් දහයක් මේ කොම්පැනියට යන්නේ නැද්ද? ඒක අපිට පැහැදිලි කරන්න ඕන.

 

දෙවෙනි එක වීසා issue කරන එක ආගමන විගමන දෙපාර්තමේන්තුවට තමයි තිබ්බේ. මේගොල්ලෝ කරන්නේ වීසා ප්‍රොසෙසින් කරන එක. කවුරු හරි හිතනවනම් මේ මතු වෙච්ච තත්ත්වයත් එක්ක ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දු කරලා ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරපු නිවේදනය අනුව මේ සමාගමත් එක්ක ගහපු ගිවිසුම අවලංගු කළා කියලා, එහෙම එකක් වෙලා නැහැ. මේ හොරකමට විරුද්ධව කරුණු එළිදරව් කිරීම අපි තවදුරටත් කරනවා. විශේෂයෙන්ම සංචාරකයන්ට මේකෙන් බලපෑමක් වෙනවා නම් සංචාරකයෝ එන එක අඩු වෙනවා නම් ඒ හරහා කොමිස් ගහලා ජාතික ආදායම අඩුවෙනවා නම් කවුද ඒකට වග කියන්ඩ ඕන.

 

අපි අහනවා ආණ්ඩුව පැත්තේ පොහොට්ටුවේ අයගෙන් දැන් ඔබතුමන්ලා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය ගැන අවුරුදු ගානක් කෑ ගැහුවා. ඒක පෙන්නලා තමයි බලයට ආවේ. 2019 දවසක මම දැක්කා මහ බැංකු මංකොල්ලයේ මූසලකමට අවුරුදු හතරයි කියලා පෝස්ට් දාපු කට්ටියත් හිටියා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා නම් පෝස්ටරයකුත් ගැහැව්වා. මහදවල් මහ බැංකු මංකොල්ලය මුලින්ම හෙළි කරපු මගේ අංකය,  අංක දාසය කියල.

 

දැන් අද එක්කෙනෙක්වත් කතා කරන්නේ නෑ. මං හිතන්නේ නැහැ මේකෙන් ඒගොල්ලන්ට ගානක් දුන්නා කියලා මෙච්චර කට වහගෙන ඉන්න.  හැබැයි ඔක්කොටම බාර් ලයිසන් දීලා තියෙන්නෙ. සුරාබදු කොමසාරිස් ජනරාල් කියනවලු චන්ද්‍රිකා මැතිනියගේ කාලෙන් පස්සේ බාර ලයිසන් දීලා නැහැ. ඒනිසා බාර් ලයිසන් දීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. රටේ බාර් ලයිසන් දීමද ප්‍රමුඛ අවශ්‍යතාවය? අධිවේගී මාර්ග කඩන් වැටෙනවා, මිනිස්සුන්ට කන්න නැහැ, ලක්‍ෂ දහයක ගෙවල් වල කරන්ට් එක නැහැ, ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ, අකර්මණ්‍ය රාජ්‍යයක්. මහලොකුවට කයිය ගැහුවට තෙල් පෝලිම නෑ කියලා, අහල බලන්න මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නැහැ. තාම ණය ගෙවන්නේ නැහැ. තෙල් වලින් ගෑස් වලින් පමණක් නෙමෙයි, අද වීසා වලින් පවා මහා පරිමාණ මංකොල්ලයක් කරනවා. මේ ගණන් හදලා තියෙන විදියට බිලියන පහළොවක් හොරකම් කරන්න හදන්නේ. මහ බැංකු මංකොල්ලයෙන් ගැහුවේ බිලියන දහයක්. මිනිස්සු කන්න බොන්න නැතුව මෙච්චර අමාරුවෙන් ඉඳිද්දි මේගොල්ලොන්ට තේරෙන්නේ නැද්ද මේ වගේ රීරි මාංශ උරා බොනවා වගේ මෙහෙම හොරා කන එක සහ ගහන අපරාධයක් කියලා.

 

මෙච්චර මංකොල්ලයක් වෙද්දී ජනතා විමුක්ති පෙරමුණේ අය මේ වීසා ප්‍රශ්නය ගැන යන්තම් අත ගාගෙන යන්නෙ ඇයි කියලා දන්නේ නෑ. මැයි දිනයේදී නම් අපි දැක්කා රතු අලි පැටවුන්ට කොළ අලි පැටව් උදව් කරා.

 

මැයි දිනයට කොළඹ නගර සභාව ඉදිරිපිට F.R. සේනානායක මාවත මම ඉල්ලුවේ ලිඛිතව පෙබරවාරි 26 වැනිදා.  ඊට පස්සේ මාර්තු 27 වෙනදා රථ වාහන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා එතුමාගේ අත්සනින් පිටු තුනක ලියුමක් නගර සභාවට දෙනවා අපිට දෙන්න කියලා. මට මතක විදිහට අප්‍රේල් 8 වැනිදා ද කොහෙද නගර සභාවේ කොමසාරිස් තුමිය මමත් එතනට ගිහින් ඉද්දී, මන්ත්‍රීතුමයි අපි දෙන්නම ඉද්දී කියනවා දෙන්න බැහැලු. හේතු කියන්නෙත් නෑ. ඇත්තද නැත්ද දන්නේ නෑ මට ආරංචි විදියට එක්කෙනෙකුගේ කාලය අවසන් වෙනවාලු ජූනි හරි ජූලි හරි. ඒ කාලේ දික් කරගන්න තමයි මේක කරල තියෙන්නෙ කියලා . හැබැයි එහා පැත්තෙ පාර අපි ඉල්ලපු විදිහට අර රතු අලි පැටවුන්ට දුන්නා. ඒ නිසාද මන්දා මේ ප්‍රශ්න වලට මීක් නෑ.

 

ජනාධිපතිවරණය කැඳවන්න තව සති දහයයි තියෙන්නෙ. මැයි රැළියේදී ලාල්කාන්ත මැතිතුමා කියනවා  ගමේ  නඩු එහි මේ බලය, තීන්දු දීමේ බලය, තීන්දු ක්‍රියාත්මක කිරීමේ බලය ගමේ ඔබට ලබා දෙනවා කියලා කියනවා ඇහුණා. ඒක කිව්වේ මහජනතාවට නෙමෙයි. ජේවීපී රැස්වීමට ආවෙ ජේවීප එකට ඡන්දෙ දෙන සියලු දෙනා. යූඑන්පී රැස්වීමට ආවේ යූඑන්පී එකට ඡන්දය දෙන සියලු දෙනා. අපේ රැස්වීමට ආවේ අපිට ඡන්දය දෙන සියලු දෙනා.

 

එතකොට ජේවීපී එකේ කාඩර් එකට තමයි කියන්නේ ගමේ නඩු ඇහීමේ බලය ඔබට දෙන්නම්. නඩු තීන්දු කිරීමේ බලය ඔබලාට දෙන්නම්. නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ඔබලාට දෙන්නම් කියලා. එතකොට මේක මහා භයානක ප්‍රකාශයක්. එතකොට කවුද ගමේ නඩු අහන්නේ ? ශ්‍රී ලංකා පොලිසියවත් අධිකරණයවත් නෙමෙයි. ගමේ ඉන්න ජවිපෙ කාරයා. රාජ්‍ය බලයක් හෝ පාර්ලිමේන්තුවේ හරි නියෝජනයක් හෝ නැතුව , තුන්දු කෑල්ලෙන් රට වහලා ගියපු කට්ටියට  රාජ්‍ය බලයක් ආවහම පොලිසිය වහලා අධිකරණය වහලා තමන්ගෙ ගමේ ඉන්න හෙන්චයියන්ට බලය දුන්නහම මොකද වෙන්නේ? පොහොට්ටුවට අපි විරුද්ධයි පොහොට්ටුවේ ප්‍රතිපත්ති වලට හොරකම් වලට අපි විරුද්ධයි. නමුත් ගෙවල් ගිනි තියපු එක වැරදියි කියලා අපි පිළිගන්නවා. බලය නැතුව ඔහොම නං ආවහම කොහොම වෙයිද?

 

ඒ නිසා ජනතාවට කියන්නේ ඉස්සෙල්ලම දේශපාලකයන්ට ගහයි. ඊට පස්සේ ගහන්නේ ගමේ ඉන්න සල්ලිකාරයන්ට. ඒ තරම් කුහකයි. කාර් දෙකක් තිබුනනම් තට්ටු දෙකේ ගෙයක්  තිබුණනම් කෙලවනවා. මේ ප්‍රකාශය කරපු ලාල්කාන්ත පසුපෙළ මන්ත්‍රීවරයෙක් නෙමෙයි. ජවිපෙ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙක්. ඔහුගේ ප්‍රකාශය සැහැල්ලුවට අරන් තිබුණා. ඒක එතුමාගෙන් එක මාධ්‍ය ආයතනයක් මේක ගැන අහනකොට ඇඹරෙනවා. ඒක එහෙම නෙමෙයි සමථ මණ්ඩලය ගැන කියන්නේ කියලා. සමථ මණ්ඩලය කොහොමත් තියෙනවා. සමථ මණ්ඩලයට අධිකරණ බලයක් නැහැ සමාදාන කිරීමේ බලයක් තමයි තියෙන්නේ . සුනිල් හඳුන්නෙත්ති කියපු එකත් වැරදීමකින් කියවෙලාලු. මේවා මේගොල්ලෝ තනි තීරණ ගත්ත ඒවද සාකච්ඡා කරලා ගත්ත ඒවද? එක දෙයක් තියෙනවා, පැහැදිලි වැඩ පිළිවෙලක් නැහැ කියන එක.

 

අනුර කුමාර වැරදිලා හරි ජනාධිපති වුණොත් එයා නෙමෙයි රට පාලනය කරන්නේ, ජවිපෙ සිස්ටම් එක. පළිගැනීමේ චේතනාවෙන් ඉන්න ජවිපෙ කාඩර් එක. ක්‍රෝධයෙන් වෛරයෙන් එන කණ්ඩායමක් තමයි රට පාලනය කරන්නේ.

වර්තමාන ආණ්ඩුව මේ රටේ මහදවල් හොරකම් කරනවා විනාශ කරනවා වගේම, ඒ තරහට වැරදි මිනිස්සු ටිකක් තෝර ගත්තොත් මොකක්ද වෙන ඉරණම කියලා කල්පනා කරන්න කියන එක මේ වෙලාවේ කියනවා”.

 

 

@මාධ්‍ය ඒකකය

නවතම ලිපි