SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කළේය.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

මෙම තීන්දුව අනුව පුරප්පාඩු වන සමගි ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා සුදුස්සෙකු පත් කිරීම එම පක්ෂ මහලේකම්වරයාට හිමිවෙයි.

 

කෙසේ වුවද සිදුකරන ලද වංචාවට මෙන්ම  මෙරට ඇමති ධූරයක් දරමින් ඇමති වරප්‍රසාධ බූක්ති විඳීම පිළිබඳව ද ඉදිරියේදී ජනතාවට යුක්තියක් ඉටු විය යුතු බව විචාරකයින්ගේ මතය වී ඇත.

නවතම ලිපි