SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විස්සයි විස්ස ලෝක කුසල් තරගාවලියට සහභාගි වන  ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රහයකයා ලෙස

ඉන්දීය ප්‍රමුඛ කිරි නිෂ්පාදන සමාගම වන අමුල් පත් කර තිබේ.

 

ඉන්දියාවේ විශාලතම කිරි නිෂ්පාදක වන මෙම සමාගම සමඟ වන ගිවිසුමට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹි බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි සිල්වා සඳහන් කරයි.

 

මෙම සමාගම සමග ඇතිකරගත් හවුල්කාරීත්වය විශිෂ්ට පියවරක් බවත් ත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමග සම්බන්ධ වීම හේතුවෙන් සමාගමට වෙළඳපළ විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිවනු ඇති බවත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් අතර සන්නාමව තවදුරටත් ඉහළ නැංවෙනු ඇති බවත් ඔහු පවසයි.

 

මෙවර ලෝක කුසලාන තරගාවලිය ජූනි මස පළවෙනි දින සිට බටහිර ඉන්දීය කොදෙවූ හා ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත ය.

නවතම ලිපි