SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පිට‌කොටුවේ නාට්ටාමින්වරුන්ට විද්‍යුත් අත් කරත්ත දීමට සොයා බැලීමට යෝජිත කොළඹ නගර සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ සාකච්ඡාවක්,

අදාළ ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

 

ඒ ජනාධිපති කාර්යාලයේ දී යි.

 

අදියර 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත කොළඹ නගර සැලැස්ම සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගින් කොළඹ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීම, ජනතාවට පහසු වන පරිදි කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ බස්රථ නැවතුම්පොළ ස්ථාපිත කිරීම මෙන්ම එමගින් හිස්වන භුමි සංචාරක ව්‍යාපාරයට සහ ආයෝජන සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී විමසා බැලූ බව වාර්තා වේ.

 

කොළඹින් පිටත සිට පැමිණෙන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට අපහසුතාවයක් නොවන පරිදි සහ වෙළඳ ප්‍රජාව අපහසුතාවට පත් නොවන අයුරින් මෙම සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්  ඔහු අදාළ නිලධාරීන්ට දැනුම් දුන් බව පැවසෙන අතර පිටකොටුවේ රැකියා කරන නාට්ටාමින් සඳහා විද්‍යුත් අත් කරත්ත ලබාදීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස ද අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන් බව වාර්තා වේ.

 

කෙසේ වුව ද කොළඹ කොටුව ප්‍රධාන බස් නැවතුම් පොළ, ලංගම ඩිපෝව සහ බස් නැවතුම්පොළ, ගුණසිංහපුර බස් නැවතුම්පොළ සහ මැනින් මාකට් යන ප්‍රදේශ හිස් කිරීමෙන් එම ඉඩම් විදේශ සමාගම් වල මහා පරිමාන ඉදිකිරීම් ආයෝජන සඳහා අඩු මිලට විකිණීමේ හැකියාව ඇත (අඩු මිලට මිස වැඩි මිලට එවැනි සමාගම් ලංකාවේ ඉඩම් මිලදී නොගනී).

 

නමුත් එම බස් නැවතුම් පොළවල් තුන කොටුව දුම්රියපොළ ආසන්නයේ පිහිටුවීමට නම් ඒ ආසන්නයේ විශාල ඉඩ කඩක් අවශ්‍ය වේ.

එසේ නම් ඒ සඳහා දුම්රියපොළ ඉදිරිපිට ඇති කඩ සහිත භූමිභාගය අත්පත්කර ගත යුතුව ඇත.

සාගල රත්නායක කියන මෙම යෝජනාවේදී රනිල්ගේ සැලසුම වනු ඇත්තේ පිටකොටුවේ ඇති එම කඩ කඩාදමා දුම්රියපොළ ඉදිරිපිට බස් නැවතුම්පොළ ඉදිකිරීමයි.

 

නාට්ටාමින්වරුන්ට විදුලි කරත්ත ලබා දීම ද එම වැඩපිළිවෙලේම ආකර්ශනීය කොටසකි.

 

ජනාධිපති රනිල් බලාපොරොත්තු වන්නේ පිටකොටුවේ ඇති පෙනුම වෙනස් කරගැනීමටය. ඉඩම් මිලදී ගත් සමාගම් විසින් ඉදිකරන විශාල ගොඩනැගිලි දැක "ජනතාව" ප්‍රීතියට පත්වනු ඇත්තේ කොළඹත් දැන් ඩුබායි වගේ යනුවෙන් පවසමිනි.

 

ඉඩම් සහ ගොඩනැගිලි කාට අයත් වී ඇත්ද යන්න "ජනතාවට" අදාළ කාරණයක් නොවේ. මෙම කටයුත්ත මාස දෙකක පමණ කාලයක් ඇතුලත, එනම්, ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සපුරා ලිය නොහැකිය.

එබැවින් මේ සැලසුම් දෙස බැලීමේදී පෙනීයන්නේ රනිල් තවත් අවුරුදු 10ක්වත් බලයේ ඉඳීමට සැලසුම් සකස් කොට ඇති බවය.

නමුත් ඒ කෙසේ ද යන්න අපැහැදිලිය.

 

 

නවතම ලිපි