SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

United Youth සංවිධානය විසින් මාතලේ/ලග්ගල සහ රත්තොට ආසන මූලික කර ගනිමින්

තරුණයින් බලමුළු ගැන්වීම ආරම්භ කර ඇති බව යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය පවසයි.

 

ඊයේ (03)  සිට  04/05 තෙදින තුළ මෙම තරුණ එකමුතුවේ ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වෙන බව වාර්තා වන අතර ඒ සඳහා ලංකාවේ විවිධ පක්ෂවල තරුණයින් එක්වෙමින් සිටින බව ඔවුන් කියයි.

 

WhatsApp Image 2024 05 03 at 22.47.013 

ඒ අනුව පසුගියදා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති තෙන්නකෝන්  සහ ලග්ගල ප්‍රාදේශීය සභාව නියෝජනය කළ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ  ඉෂාර  උදය බණ්ඩාර හේරත් එසේ එක්වූ තවත් තරුණයින් දෙදෙනෙකි.

 

ඔවුන් පවසා ඇත්තේ තමන් කිසි දිනක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකළ බවත් එහෙත්  ඉදිරියේදී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවත් ය.

 

මෙම අවස්ථාවට United Youth උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ සහ චිත්‍රපට නිෂ්පාදක සහ ප්‍රවීණ  රංගන ශිල්පී අර්ජුන්  කමලනාත්  සහභාගී වී ඇත.

 

WhatsApp Image 2024 05 03 at 22.46.54WhatsApp Image 2024 05 03 at 22.46.56WhatsApp Image 2024 05 03 at 22.46.57WhatsApp Image 2024 05 03 at 22.46.59WhatsApp Image 2024 05 03 at 22.46.541WhatsApp Image 2024 05 03 at 22.46.542WhatsApp Image 2024 05 03 at 22.46.551WhatsApp Image 2024 05 03 at 22.46.552WhatsApp Image 2024 05 03 at 22.46.571WhatsApp Image 2024 05 03 at 22.46.581WhatsApp Image 2024 05 03 at 22.46.591WhatsApp Image 2024 05 03 at 22.47.00WhatsApp Image 2024 05 03 at 22.47.001WhatsApp Image 2024 05 03 at 22.47.012WhatsApp Image 2024 05 03 at 22.47.02