SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් ඊශ්‍රායල හමුදා සහ දේශපාලන නායකයින්ට එරෙහිව

අත්අඩංගුවට ගැනීමේ නිවේදන නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

 

එසේම ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල බලධාරීන් කලබලයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

 

කෙසේ වුවද ඔවුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා ගොනු කෙරෙතැයි අපේක්ෂා කෙරෙන අතර, විදෙස් ආරංචිමාර්ගවලට අනුව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද ICC ලැයිස්තුවේ සිටින බව පැවසේ. 

 

 

"අල්ලා ගත් ප්‍රදේශවල" පසුගිය වසර තුන පුරා ඊශ්‍රායල හමුදා විසින් සිදුකළ කටයුතු සම්බන්ධයෙන් හේග් නුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පරීක්ෂණ සිදුකරමින් ඇති බව මාධ්‍ය වාර්තා පලකරයි.


 
ඉතා දරුණු අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතිය යටතේ පුද්ගලයින්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත් ඔවුන්ට එරෙහිව නඩු ඇසීමටත් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බලය ඇත.
   
මීට පෙර රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි, සහ උගන්ඩා හමුදා නායකයෙක් වන ජෝසෆ් කෝනි ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

 

මෙම සැලසුම සම්බන්ධයෙන් බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ තම රට ආරක්ෂාකර ගැනීමට දරන උත්සාහය අඩපණ කිරීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය සැලසුම් කරන බවයි.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන්  අමරිකාවේ මතය  තවම දැනගන්නට ලැබී නැත.