SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි මෝටර් රථ භාවිතය ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ශ්‍රී ලංකාවට රථවාහන ආනයනය අත්හිටුවා වසර තුනක් ගත වී තිබේ. ඒ රටේ පවතින විදේශ විනිමය පිළිබඳ ගැටළුව නිසායි. ඉන්ධන මිල ද ක්‍රමයෙන් වැඩිවෙයි. එවැනි තත්ත්වයකදී පුනර්ජනනීය බල ශක්තිය වෙත යොමුවීම වැදගත් බව රණවක මන්ත්‍රීවරයාගේ අදහසයි.

 

 WhatsApp Image 2024 03 27 at 16.53.59

 

ඒ අනුව පෞද්ගලික භාවිතය සඳහා විද්‍යුත් මෝටර් රථ භාවිතයට පුද්ගලයන් යොමු කළ යුතුය. පොදූ ප්‍රවාහන සේවා වෙනුවෙන් ද විද්‍යුත් රථවාහන කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

 

මෙම විද්‍යුත් රථ සැපයීම දේශීය ක්‍රියාවලියක් බවට පත් කිරීම අතිශය වැදගත් බව ඔහු පැවසුවේ පොල්ගහවෙල මයික්‍රෝ කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කරමිනි.

 

WhatsApp Image 2024 03 27 at 16.53.581

 

2010 දී තමා විදුලිබල අමාත්‍යවරයා ලෙස පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයට ක්‍රියාකළ බව සිහිපත් කළ පාඨලී කියාසිටියේ, වහල මත සවිකරන සූර්ය බල ශක්ති පද්ධති ද ඊට සමගාමීව හඳුන්වාදුන් බවයි.

 

මේ වනවිට එම ක්‍රමවේදය ඔස්සේ දැනට ශ්‍රී ලංකාවෙහි උත්පාදනය කෙරෙන විදුලිය, මෙගාවොට් 700 ක් පමණ වෙයි. මෙහි ඉදිරි පියවරේදී, සූර්ය බලශක්තිය යොදාගෙන මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපනය කළ යුතුය.

 

කර්මාන්තශාලා සහ නිවාස වලට ද, සූර්ය බලශක්ති භාවිතය ව්‍යාප්ත කිරීමද කාලීන අවශ්‍යතාවක් බව ජනරජ පෙරමුණේ නායකයා පෙන්වා දෙයි.

 

@මාධ්‍ය ඒකකය

WhatsApp Image 2024 03 27 at 16.53.57WhatsApp Image 2024 03 27 at 16.53.58WhatsApp Image 2024 03 27 at 16.53.591