SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වෙද්දි ලංකාවේ දේශපාලනයේ සන්දාන දේශපාලනය කඩිමුඩියේ සැකසෙමින් ඇති බව දේශපාලන ආරංචිමාර්ග කියා සිටියි.

එකී ආරංචිමාර්ග වලින් කියැවෙන්නේ මේ වනවිට ශ්‍රිලනිපයේ මූලිකත්වයෙන් ඇරැඹි පොදු පෙරමුණේ පුටුව සන්දානයේ මූලික වටයේ දේශපාලන සාකච්ඡා අවසන්ව ඇති අතර ඊයේ දිනයේදී ශ්‍රිලනිප පාර්ශ්වයන් එනම් අනුර යාපා පාර්ශ්වය, මහින්ද අමරවීර පාර්ශ්වය, මෛත්‍රී පාර්ශ්වය සහ  ජනරජ පක්ෂයේ පාඨලී පාර්ශ්වය, නිදහස ජනතා සභාවේ ඩලස් චරිත පාර්ශ්වයන්  එකතුව සාකච්ඡා කර ඇතැයි වාර්තා වන අතර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුළු පක්ෂ හා සංවිධාන සමග දෙවන වටයේ සාකච්ඡා ඇරැඹී ඇති බව ද කියැවේ.

 

මාර්තු මස මැද සතියේදී නායකත්ව මණ්ඩලය නම් කෙරෙන අතර එකී නායකත්ව මණ්ඩලයට හිටපු ජනාධිපතිනිය හෝ හිටපු ජනාධිපති මෛත්‍රී ඇතුලත් නොවීමටත් ඔවුන් ජ්‍යෙෂ්ට උපදේශක මට්ටමේ සිට කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් ආරංචිමාර්ග කියයි.

 

පසුගිය දිනවලදී ඇතැම් දේශපාලන පාර්ශ්වයන් විසින් පුටුව සන්දානයට බාලගිරි දෝෂයක් ලෙස මාධ්‍ය වාර්තා පලකර තිබූ බවත් ඒ අතරතුර සන්දානය සැකසීමේ කටයුතු සිදු වෙමින් පැවති බවත් පුටුව සන්දානයේ ප්‍රකාශකයෙක් slleader අප වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.

 

හෙට සවස කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ඡාවෙන් පසු මහා මැතිවරණයක් මුලින් පැවැත්වුනහොත් ඊට සන්දානය ලෙස මුහුණ දෙන ආකාරය දිස්ත්‍රික් මට්ටමින් සකස් කෙරෙන බවත් මාර්තු මස අග කොළඹ දී මුල්ම ජන රැළිය පැවැත්වීමටත් සන්දාන සංවිධායකයින් විසින් සූදානම් කෙරෙන බව ප්‍රකාශ කර ඇත.

 

මේ අතර ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වීමටත් මැයි මස වනවිට ඒ සඳහා සුදානම් කෙරෙන බවත් දේශපාලන ආරංචිමාර්ග කියා සිටින අතර මහා මැතිවරණයකදී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක හැරුණු විට ජාතික ජන බලවේගය අනෙකා කරගත්  කඳවුරක් එක්ව තරඟ වදින බවත් විචාරකයින්ගේ මතය වී ඇත.

 

එහිදී පොහොට්ටුවේ නාමල් පාර්ශ්වය වෙන්ව තරඟ කරනු ඇත.

 

ජනාධිපති අපේක්ෂක රනිල්?

අගමැති අපේක්ෂක පාඨලී?

 

රනිල් වික්‍රමසිංහගේ අදහස වී ඇත්තේ මහා මැතිවරණයකදී පොදු සන්දානයක් ලෙස එක්ව තරඟ වැදීමට බවත් එහිදී අගමැති අපේක්ෂකත්වයට පුටුව සන්දානයේ  නායකත්ව මණ්ඩලය විසින් නම් කෙරෙන ආර්ථික වැඩපිළිවෙලක් ඉදිරිපත්  කළ හැකි නායකයෙකු අපේක්ෂකයෙකු කරන්නේ නම් ඊට එකගවීමට අදහස් කර ඇති බවත් එය මේ වනවිටත් තීරණය කර ඇති බවත් අදාළ දේශපාලන ආරංචිමාර්ග හෙළි කර ඇත.

 

එහිදී ජනාධිපතිවරණයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට නැවත තරඟ කිරීමට එම පුලුල් සන්දානය යොදා ගැනීමටත් එම පොදු සන්දානයේ නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස තරඟ වැදීමත් ඔහුගේ අදහස වී ඇත.

 

කෙසේ වුවත් පරදින ඡන්දයකට ඉදිරිපත් නොවන රනිල් වික්‍රමසිංහට ගොඩ යා හැකි එකම අවස්ථාව එවැන්නක් බව විචාරකයින්ගේ ද මතය වී ඇත.

 

#political Gossip