SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තම පක්ෂය කිසිදිනක ජනතාව රැවටීමට උත්සාහ කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසයි.

අද (05) උදෑසන දිවයිනට පැමිණි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

 

එමෙන්ම තමා නැවත වතාවක් පාර්ලිමේන්තු ඒමට කිසිදු අදහසක් නොමැති බව කියූ ඔහු කුමන මැතිවරණයක් පැමිණියක් එහි සංවිධාන කටයුතු තමා විසින් සිදුකරන බව ද දන්වා ඇත.

 

වෙනසක් අවශ්‍ය තැන්වලදි එය සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් සෑම මැතිවරණයක්ම අභියෝගයක් බව ත් ඔහු‌ කියයි.

 

වැඩිදුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ,

"අපි කවදාවත් ජනතාව රවට්ටන්නේ නෑ. ජනතාව කියන දේ තමා කරන්නේ. අපිට සමහර තැන්වලදි වැරදෙනවා. ජනතාව අපි කියන දේ පිළිගන්නේ නෑ. සමහර වෙලාවට ජනතාව කියන දේ අපි පිළිගත්තේ නැති අවස්ථා තියෙනවා. ඒවා නිවැරදි කරගෙන යනවා."