SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අලුතින් පිහිටුවන ලද පාකිස්ථාන පාර්ලිමේන්තුව තුළ ඡන්ද 201 ලබමින්

ෂෙබාස් ෂරීෆ් නව අගමැතිවරයා වශයෙන් තේරී පත්ව ඇත.

 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාතික සභා කථානායක අයාස් සාදික් ප්‍රකාශ කරන්නේ  නව අගමැතිවරයා වීමට ජන්ද 169ක් අවශ්‍ය ව තිබු බවත් ෂෙබාස් ෂරීෆ් විසින් ජන්ද 201ක්  ලබා ගත් බවත්ය.

 

ඉම්රාන් ඛාන්ගේ PTI සහාය ඇති ස්වාධීන අපේක්ෂකයින් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇති නමුත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය ලබා ගැනීමට අසමත් වූ අතර  ඛාන්ගේ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂයේ සහාය ලැබූ ඕමාර් අයුබ්හට ලබාගත හැකිව තිබුණේ ජන්ද 92ක් පමණි.

 

සිය මංගල කතාව පවත්වමින් නව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, කිසිදු පාර්ශ්වයකට පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් නොමැති බැවින් සමාන අදහස් ඇති පක්ෂ එක්ව සභාග රජයක් පිහිටුවීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන බවය.

 

ජන්ද මංකොල්ලකෑම් පිළිබඳ චෝදනා මධ්‍යයේ පෙබරවාරි 8 වන දින නිමා වූ පාකිස්ථාන මැතිවරණයෙන් බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට කිසිවෙකු සමත් නොවීමත් සමඟ ෂෙබාස් ෂරීෆ්ගේ සහෝදරයා වන හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන මුස්ලිම් ලීගය නවාස් (PMNL) හා පාකිස්ථාන මහජන පක්ෂය (PPP) සමඟ සභාග ගිවිසුමකට එළැඹීමේ ප්‍රතිපලයක් ලෙස ෂෙබාස් ෂරීෆ් අගමැති ධුරයට පත්ව ඇත.

 

පාකිස්ථානයේ ආකර්ශනීයම නායකයා ඉම්රාන් ඛාන් වූවද  රාජ්‍ය රහසිගත ලියවිලි කාන්දු කිරීම, අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටියදී රාජ්‍ය ත්‍යාග විකිණීම ආදී චෝදනා කිහිපයකට වරදකරුව ඔහු මේ වන විට බන්ධනාගාරගතව  ඇත. ඉම්රාන් ඛාන්ට අපරාධ සහ සිවිල් චෝදනා 150කට වැඩි ප්‍රමාණයකට මුහුණ දීමට සිදු ව ඇති අතර ඔහු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරයි.