SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම විශිෂ්ට ආර්ථික විශේෂඥයකු වූ හිටපු මුදල් අමාත්‍ය

රොනී ද මැල් මහතා සමඟ කටයුතු කර ලැබූ අත්දැකීම අද දවසේ තම දේශපාලන කටයුතුවලට පන්නරයක් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

 

නිවැරදි තීරණ ගැනීම සහ ඒවා කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබා ගැනීම රොනී ද මැල් මහතාගේ චරිතයේ සුවිශේෂි ලක්ෂණයක් වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා රට තුළ වෙනසක් කළ දේශපාලනඥයකු වූ එතුමා රටට කළ සේවය කිසිදා අමතක කළ නොහැකි බව ද අවධාරණය කළේය.

 

 රොනී ද මැල් මහතාගේ අවමංගල්‍ය උත්සවය රුහුණු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී  ඊයේ  (1) පස්වරුවේ පැවැත්විණි.

 

රොනී ද මැල් මහතාගේ අවසන් කැමැත්තට අනුව  අවමංගල්‍ය කටයුතු සංවිධානය කර තිබූ අතර  රුහුණු විශ්වවිද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේ තැන්පත් කර තිබූ දේහය අවමංගල්‍යය රථ පෙරහරකින් විශ්වවිද්‍යාලයීය  ක්‍රීඩාංගණයට රැගෙන ඒමෙන් අනතුරුව අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ විය.

 

රොනීගේ අවසන් කැමැත්තේ මාතර නියෝජනය කරමින් කතාකිරීම පවරා තිබූ එක් චරිතයක් වූයේ මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාය.

 

 roni funaral

 

අවමංගල්‍ය සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

 

"රොනී ද මෙල් මහතා දිනක් මට කථා කර එතුමා මුණ ගැසෙන ලෙස දන්වා සිටියා. අපි ටිකක් කතා බහ කළ පසු එතුමා මට කිව්වා රනිල් මගේ මරණයෙන් පසුව ඔබතුමත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් පැමිණ අවමංගල්‍ය සභාව ඇමතීමට අවශ්‍යයි කියලා. ඒ අනුව අද අපි දෙදෙනාම මේ වැඩකටයුත්ත සඳහා සහභාගීව සිටිනවා. 

 

රොනී ද මෙල් මහතාව මම හොදින් හඳුනා ගත්තේ එතුමා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමෙන් පසුවයි. ඊට පෙර මම කුඩා කාලයේ එතුමාව මුණ ගැසි තිබුණා. පසුව 1970  වසරේදී එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වුණා. පසුව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ආණ්ඩුවේ එතුමා කටයුතු කළා. මටත් ඒ සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණා. මේ කාලය තුළදී රොනී ද මෙල් මහතාගේ දක්ෂතාවය මම හොඳින් දුටුවා"

nalan mendis

නවතම ලිපි