SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව විධායකයට නැතැයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

 

ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නැයි අධිකරණ ඇමති නොකියා කියයි.

 

නව පොලිස්පතිවරයා පත් කිරීමේදී කථානායකවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයක් සදහා පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා කියා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරමින් ව්‍යවස්ථාදායක සභාව සදහා සාමාජිකයින් 10 දෙනෙකු පත් කිරීමට කටයුතු කළද සුළු පක්ෂ නියෝජනය කරමින් ඊට පත් කළ යුතු නියෝජිතයා මෙතෙක් නම් කර නොතිබීම මෙම ගැටළුවට මුල් වී ඇති බවය.

 

මේ නිසා කථානායකවරයා ප්‍රායෝගික ගැටළුවකට මුහුණ දී සිටින බවත් කථානායකවරයාගේ තීන්දුවේ කිසියම් නීතිමය ගැටළුවක් පවතින බව විශ්වාස කරන්නේ නම් ව්‍යවස්ථාවේ නීතිමට ගැටළු සදහා ආර්ථ නිරූපණය ලබා ගැනීමට හොඳම තැන ශ්‍රේෂ්ඨාධිකරනය බවත්  අමාත්‍යවරයා සදහන් කර ඇත.

nalan mendis

නවතම ලිපි