SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේම ඡන්ද ගන්න පුළුවන් කෙනාට තමයි දිනන්න පුළුවන්. ඒක ඇත්ත.

දැන් ජාතිවාදය නෑ. ආගම්වාදය නෑ. රටේම 51% ගන්න ඔින. මේ රටේ බහුතරයක් සිංහල ජනතාව, දෙමළ ජනතාව, මුස්ලිම් ජනතාව ඉන්නෙ සමගි ජන බලවේගය එක්ක.

 

වතුකරයෙ නායකයො උතුරෙ නායකයො සන්දාන ගහල තියෙන්නෙ සමගි ජන බලවේගය එක්කලයි.

 

මොකද මේ කට්ටිය කොරෝනා මෘතදේහ බලෙන් ආදාහනය කරපුවා අමතක නැහැ. ඒ කොරෝනා මෘතදේහ වෙනුවෙන්, මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී හිටියෙ අපි විතරයි. අපි තමයි ඒක වෙනුවෙන් සටන් කළේ. මමම පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් අහපු ප්‍රශ්නයකට අනුව තමයි අන්තිමේ භූමදානය ආපහු දෙන්න උනේ.

 

ඒ නිසා මේ ආර්ථිකය හදනව කියන්නෙ බයිලා.

ආර්ථිකය හදනව කියන්නෙ බදු ගහන එක නෙවෙයි.

ආර්ථිකය හදන පැතිකඩ ගණනාවක් තියෙනව.

සෘජු විදේශ ආයෝජන ගේන්න ඔින.

අපනයනය වැඩි කරන්න ඔින.

රෙමිටන්ස් සහ ටුවරිසම් වැඩිකරන්න ඔින.

මම අහනවා රණසිංහ ප්‍රේමදාස ඇගලුම් කර්මාන්ත 200ක් ඇරල අපේ රටේ අපනයන ආර්ථිකයට ඩොලර් මිලියන 5කුයි හතකුයි අතර ප්‍රමාණයක් අව්රුද්දකට ඇතුලත් කරාට පස්සෙ මේ අය මොනවද කරල තියෙන්නෙ?

අපි තොරතුරු තාක්ෂන වෙළඳපොලට ඇතුල්වෙලා තියෙනවද?

 

 

 

nalan mendis

නවතම ලිපි