SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ සේසත හෝටලයේදී පැවති මාතලේ දිසාවේ පළාත් පාලන ආයතනයන්හි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී

නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා පත් කළ යුතු යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 

එහිදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරණය සදහා තමන් ඉදිරිපත් වන බවත්‍, යම් හෙයකින් තමන් පරාජය වුවහොත් අගමැති ධූරය තමන්ට ලබාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග දැනටමත් සාකච්ඡා කර ඇති බවත්ය.

 

මෙම සිදුවීම කන වැටුණු පොහොට්ටුවේ ප්‍රබල මැති ඇමතිවරු “නාමල්ට පිස්සු” යනුවෙන් පවසා ඇති අතර එලෙස තීන්දුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරියේදී ගතහොත් ඊට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් තීරණය කර ඇත.

 

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්‍, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස කුට්ටිආරච්චි‍, ඉන්දික අනුරුද්ධ යන අය සහභාගී වී ඇතැයි වාර්තා වේ.

 

 

cnews

nalan mendis

නවතම ලිපි