SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි.

 

පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය.

 

දේශබන්දු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් වේ. 

ඔහු 1998 වසරේදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් ව ඇත.

 

මේ අතර,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

 

ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට පක්ෂව ඡන්ද හතරක් හා  විපක්ෂව ඡන්ද  දෙකක් ලැබුණු බවත් තවත් දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි බවත් විපක්ෂ නායකවරයා පවසයි.

තීන්දුවක් සම්මත වීමට ඡන්ද පහක් අනිවාර්යය  බව පැවසූ ඔහු, එහිදී  කතානායකවරයාගේ ඡන්දය ලබා ගන්නේ ඡන්ද ප්‍රමාණය සම වුණොත් පමණක් බවද සඳහන් කරයි.

 

ඒ අනුව මෙම පත්කිරීම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කර ඇති බව විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා ඇත.

 

 

nalan mendis

නවතම ලිපි