SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දැනට ලාදුරු රෝගීන් දෙදෙනකු පමණක් රඳවා සිටින මාන්තිව් දූපතේ

බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසයි.

 

ඔහු  මෙම අදහස් පළකර ඇත්තේ නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපත නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා එක්වෙමිනි.

 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කරන්නේ පසුගිය කොවිඩ් සමය තුළ ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාරයට ගෙන කොවිඩ් වැළඳුන ගුවන් හමුදා නිලධාරීන් නිරෝධායනය කිරීමට පහසුකම් සලසා දී තිබූ අතර මාන්තිව් ගොඩබිමේ මේ වන විට ලාදුරු රෝගීන් දෙදෙනකු පමණක් රඳවා සිටින දූපත ඉන් එහා ගිය මාතෘභූමියට ඵලදායී වැඩක් ලබාගත හැකි ස්ථානයක් වන බවයි.

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ වන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් අධික තදබදයකට ලක්ව තිබෙන හෙයින් දැනට එම ගොඩබිමෙහි රඳවා සිටින ලාදුරු රෝගීන් දෙදෙනා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර බෝවන රෝගීන් සිටින ස්ථානයක් කරා මාරුකිරීමේ හැකියාව පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර මෙම ස්ථානයේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීම සඳහා මෙම නිරීක්‍ෂණ චාරිකාව අවස්ථාවක් කර ගන්නා බවයි.

 

කාත්තන්කුඩිය – සිහාර ලතීෆ්

@divaina