SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යූඇන්පීයෙ කොලු ගැටව් ගැන අනේ පව් කියල හිතෙනවා.

මොකද හේතුව, අපි රනිල් වික්‍රමසිංහ මහත්තය ගැන  දන්නෙ මීට දශක දෙක හමාරකට විතර කලින් ඉඳල. අපි දන්න රනිල් වික්‍රමසිංහ මහත්තය  ඡන්ද පරදින්න තවත් ඡන්ද ඉල්ලන්නෙ නැහැ.

 

අද හෙන ගහනව වගේ බදු ගහල වික්‍රමසිංහ මහත්තයට මිනිස්සුන්ට මුහුණ දෙන්න බෑ.

 

බඩු මිල වැඩි කරල ළමයින්ගෙ අනාගතය විනාස කරල, බිල් වැඩි කරල, ජනතාවගේ රීරි මාංස උරා බීල එක ප්‍රසිද්ධ රැස්වීමක්වත් කරගන්න බැරි මිනිහෙක් බවට පත්වෙලා තියෙනවා.

ඔක්කොම රාජ්‍ය උත්සවවලට විතරයි යන්නෙ.

 

එනිසා රනිල් වික්‍රමසිංහ මහත්තය පරදිනන ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ කියල මේ අයට තේරෙන්නෙ නැහැ.

 

ඒනිසා අපි පැහැදිලිව කියන්න කැමතියි 2005න් පස්සෙ වික්‍රමසිංහ මහත්තය පිනට ජනාධිපති උනා මිසක් ඡන්දෙකින් ඉල්ලන්නෙ නැහැ. ජනතාව අතරට යන්න බයයි.

දැන් මම උදාහරණයක් දෙන්නම්, රුපියල් බිලියන 100ක බදු ආධායමක් බලාපොරොත්තුවෙන් උපයන විට ආදායම් බද්ද වැඩි කලා. දැන් ගිය අව්රුද්දට බිලියන 150ක් කතු වෙලා. එනිසයි අපි කියන්නෙ රාජ්‍ය ආදායමට හානියක් නොවෙන්න උපයන විට බද්ද 36% ඉඳල 24% දක්වා අඩු කරන්න පුළුවන් කියල. මේ හෙන ගහනව වගේ බදු ගහල තියෙනවා.

එතකොට මෙයා හෙන ගහනව වගේ බදු ගහන නිසා ජනතාවට ඇතිවෙලා තියෙන වෛරය බැලුවහම රතු මල්ලිල කියනවා හැත්තෑපස් වසරක සාපෙලු.

 

රට වැටුනේ 75ස් වසරක සාපෙ නිසා නෙවෙයි, මහින්දගේ කාලෙ ගත්තු ණය බර නිසා..එයාව රජ කළේ රතු මල්ලිලා..

 

මේක 75ස් වසරක සාපය නෙවෙයි. මේ රට බංකොලොත් උනේ ණය අරගෙන. ඩොලර් බිලියන 90ක් අපි ණයයි. මේකෙන් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා අරගෙන තියෙන්නෙ ඩොලර් බිලියන 4යි. ප්‍රේමදාස අරන් තියෙන්නෙ ඩොලර් බිලියන 1.7යි. ඩී.බී.විජේතුංග අරන් තියෙන්නෙ ඩොලර් බිලියනයයි. චන්ද්‍රිකා කුමාරතුංග අරන් තියෙන්නෙ ඩොලර් බිලියන 3.1යි.

මේ ඔක්කොම එකතු කලාම ඩොලර් බිලියන 9.8යි.

 

ඊට පස්සෙ මහින්ද රාජපක්ෂ අරන් තියෙනවා ඩොලර් බිලියන 31ක්.

මොකටද?

නැව් එන්නැති වරායවල් හදන්න. ගුවන් යානා එන්නැති ගුවන් තොටුපොලවල් හදන්න, අධිවේගී මාර්ග හදන්න, මිනිස්සු නැති සම්බන්ත්‍රණ ශාලා හදන්න,

මොකද ණය අරගෙන කෙරුවම තමයි හොරකම් කරන්න පුළුවන්.

ලෝකෙ දියුණු වෙන කිසිම රටක් එහෙම කරන්නෙ නෑ...!

 

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහතින්...