SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ප්‍රසාද් සමරසිංහ තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි  වාර්තා වේ.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සමීපතමයෙකු බව පැවසෙන සභාපති  ප්‍රසාද් සමරසිංහ අයි නාලිකාව බදු දීම සම්බන්ධ සිදුවීමකදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු නොවීම නිසා පසුගිය දිනවල කණස්සල්ලෙන් සිටි බවටද මාධ්‍ය වාර්තා පළ විය.

 

ඉන් අනතුරුව වෙබ් රේඩියෝවක් ජනගත කිරීමට දරන ලද උත්සාහයක්ද සංස්ථාවේ සේවකයින්ගේ විරෝධය මධ්‍යයේ නවතා දමා ඇත.

 

කෙසේ වුවද පුද්ගලික හේතු මත ධුරය හැර යන බව දන්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයට ඔහු සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි සඳහන් ය.

ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු  විදේශගත ව ඇත.

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒකාබද්ධ රාජ්‍ය සමාගමක් බවට පත් කිරීමට පසුගිය සතියේදී  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.