SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එජාප නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජනරජ පෙරමුණු නායක පාඨලී චම්පික අතර සාකච්ඡාවක් අද දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදුව ඇත.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සහ එජාප මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානී රොනල්ඩ් පෙරේරා සහභාගී ව ඇත.

 

ජනරජ පෙරමුණු පාර්ශ්වයෙන් පාඨලී චම්පික, දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන, නීතීඥ ශිරාල් ලක්තිලක, නිශාන්ත වර්ණසිංහ සහ තරුණ අංශය නියෝජනය කරමින් එහි සභාපති තීක්ෂන ගම්මන්පිල සහභාගී වී ඇත.

 

 WhatsApp Image 2024 02 24 at 15.43.34

 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාඨලී ගේ පක්ෂය විසින් ගෙන ආ යෝජනා මාලාව වඩා හොඳින් කියවූ බවත් එහි ආධායම් එකතුකිරීම සම්බන්ධයෙන් වන යෝජනා අනුව ඔහු විසින් ඉදිරියේදී රජයට  ආධායම් එකතුකිරීමේ අධිකාරියක් පිහිටුවීමට අදහස් කරන බවත් සඳහන් කර ඇත.

 

එසේම මේ වනවිට “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ප්‍රකාශනයේ සඳහන්ව ඇති ප්‍රාථමික ‌ශ්‍රේණිවල දරුවන්ට දිවා ආහාර ලබාදීමේ වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කිරීම අරඹන්නට ද තීරණය කර ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා පලව තිබිණි.

 

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන්  දෙපාර්ශයේ සාකච්ජා සිදුවූ ඇති අතර එහිදී පාඨලී චම්පික රණවක පවසා ඇත්තේ ඉදිරියේදී පවතින මැතිවරණ සඳහා මෙවැනි පොදු අවම වැඩපිළිවලක් බලගැන්විය හැකි සන්ධානයක් අවශ්‍යතාවය පිළිබඳවය. ජනාධිපති වික්‍රමසිංහ ද  පවසා සිටියේ එවැනි අදහසකට තමන්ගේද කැමැත්තක් ඇති බව ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ. විශේෂයෙන්ම IMF ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මාර්තු මස අග බාගයේදී සියලු පක්ෂ සමඟ සාකච්ජා කිරීමට තමන්ද අරමුණු කරගෙන ඇති බව රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

 

 

WhatsApp Image 2024 02 24 at 15.43.39

 

මුලින් තියන්නේ ජනාධිපතිවරණයයි.

 

වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත්තේ පවතින කතා කුමක් වුවත් ඉදිරියේදී මහ මැතිවරණයක් හෝ  ජනමත විචාරණයක් නොපවත්වන බවත් පවත්වනු ලබන්නේ ජනාධිපතිවරණය බවත්ය.

එහිදී ජනරජ පෙරමුණු නායකයින් පවසා ඇත්තේ දිනන්න පුලුවන් වගේම දිනලා රට කරවන්න පුලුවන් පුද්ගලයකු ඉදිරි  ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා විය යුතු බවය.

මෙම සාකච්ජාව ඉදිරියටත් පක්ෂ ලේකම්වරු මාර්ගයෙන් කරගෙන යෑමට මෙහිදී  දෙපාර්ශවයේම එකඟතාවයක් ඇති කරගෙන ඇත.

 

සජබය සමග සාකච්ඡා ලබන සඳුදා

 

sajith champika 1

 

සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී රණවක කියා සිටියේ  ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ එක්සත් ජාතික පක්ෂයට අද (24) ඉදිරිපත් කළ බවත් සමගි ජන බලවේගය වෙත එය ඉදිරිපත් කෙරෙන්නේ එළැඹෙන  සඳුදා බවත් ය.

 

පසුගිය දා එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද එය ඉදිරිපත් කළ බැව් කියූ ජනරජ පක්ෂයේ නායක සෙසු සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන වෙත ද, දේශය වෙනුවෙන් එක්වන පියවරක් ප්‍රායෝගික වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම එක්සත් ජනරජ පෙරමුණේ අපේක්ෂාව බව කියයි.

 

“යෝජිත වැඩපිළිවෙළ සඟවාගෙන ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ජනරජ පෙරමුණට නොමැත. සමස්ත ජනතාව වත්මන් අර්බුදවලින් මුදා ගැනීම අරමුණ නිසා, පුළුල් ක්‍රියාත්මක වීමක් අවශ්‍ය වෙයි. ඒ සඳහා පුළුල් මනුෂ්‍යත්වයේ සන්ධානයක් ගොඩනැගීම අපේක්ෂාවයි. දේශය වෙනුවෙන් එක්වන පියවරක් සෑම පාර්ශ්වයක් වෙතම ලබා දීම එහි මූලික පියවරකි. ජනතාව පිළිබඳ සිතන පාර්ශවවලට මෙම වැඩපිළිවෙළට ක්‍රියාකාරීව එක්විය හැකිය. වංචනිකයන්, සොරුන් සහ රට බංකොලොත් කිරීමට සම්බන්ධ කණ්ඩායම් සහ පුද්ගලයන් ද පාර්ලිමේන්තුවේ සිටී. එහෙත් අවංක, නිවැරදි, පිරිසුදු සාමාජිකයෝ ද පාර්ලිමේන්තුවේ සිටිති. නව වැඩපිළිවෙළ සමග එක්ව ජනතාව පීඩනයෙන් මුදා ගැනීමට ඔවුන්ට අවකාශයක් තිබෙනවා. ඉදිරි සති කිහිපයේදී මනුෂ්‍යත්වයේ සන්ධානය විධිමත් ලෙස ගොඩ නැගේ. එමගින් ඉදිරි ඕනෑම මැතිවරණයකට ගැලපෙන අපේක්ෂකයන් තෝරා ගැනීමට සුදානම්. වසර 5 කදී, පවතින අර්බුදයෙන් රට මුදාගෙන, සංවර්ධනය කළ හැකි පුද්ගලයන් මැතිවරණ සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ."