SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නැවත වතාවක්

වැඩ බලන පොලිස්පති ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇනියි වාර්තා වෙයි.

 

ඒ අනුව ඔහුගේ නම වැඩ බලන පොලිස්පති ධුරයේ සේවා දිගුවක් සඳහා ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කිරීමට නියමිත ය.

 

පසුගිය වසරේ නොවැම්බර් මස 29 වන දා මාස තුනක සේවා කාලයක් සඳහා දේශබන්දු තෙන්නකෝන් ව  වැඩබන පොලිස්පති වශයෙන් පත්කරනු ලැබීය.

 

එතැන් සිට මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් හා එක්ව ඔහු විසින් යුක්තිය මෙහෙයුම දියත් කෙරිනි.

 

කෙසේ වුවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝගේ වැඩ බලන පොලිස්පති සේවා කාලය එළැඹෙන 29 වෙනිදායින් අවසන් වෙයි.