SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජනරජ පෙරමුණේ  නායක පාඨලී චම්පික රණවක හා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පැවැත්වෙන බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

 

පසුගියදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාඨලී අමතා දුරකථනයෙන් කතාකර ඇති අතර එක්සත් ජනරජ පෙරමුණේ  “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ප්‍රකාශය පිළිබඳව සිය ප්‍රශංසාව ලබාදුන් බවත්  සඳහන් ය.

 

කෙසේ වුවද පොදු සන්දානයකට විවිධ පාර්ශ්වයන් එක්වන මොහොතක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හා පාඨලී චම්පික අතර සාකච්ඡාව පිළිබඳ සියලු දේශපාලන පාර්ශ්වයන් විමසිලිමත්ව ඇතැයි වාර්තා වේ.