SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇෆ්ගනිස්තානයට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පෙරේදා (21) පැවැති විස්සයි20 තරගයෙන් පසුව විනය විරෝධීව හැසුරුණේ යැයි

ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 ක දඩයක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

 

එම දඩුවමට අමතරව වනිඳුට දඩුවම් ලකුණු ද එකතු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇති බවත් එම දඩුවම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිලවශයෙන් අද (23) පස්වරුවේ දැනුම් දුන් බවත් එකී ආරංචිමාර්ග කීය.

 

ඒ අනුව වනිඳුට බංග්ලාදේශයට එරෙහිව ලබන මස 4 සහ 6 දෙදින පැවැත්වෙන විස්සයි20 තරග දෙක අහිමිවේ.

 

එම තරගයේ නිපන්දුවක් පිළිබඳව ලින්ඩන් හැනිබල් මහතා සමඟ ගැටීම සහ මාධ්‍ය හමුවේදී විනිසුරු තීරණ විවේචන කිරීමේ වරදට අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) විසින්  ඔහුට මෙම දඩුවම් පනවා ඇත.