SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 3 ක් හෙවත් දරුවන් 129,000 ක් පමණ පාසල් අධ්‍යාපනය නතර කර ඇතැයි සමීක්ෂන වාර්තා හෙළි කරන බව

නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

 

එසේම මෙරට දරුවන්ගේ වයසට සරිලන බර නොමැති ප්‍රතිශතය තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් එය 2022 වසරේ සියයට 19.5 ක් වූ අතර 2023 වසරේ එය සියයට 21 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති සෞඛ්‍ය හා පෝෂණ කාර්යංශය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බවත් ඔහු කියයි.

 

නුවරඑළිය, අම්පාර, යාපනය, කෑගල්ල, කිලිනොච්චිය, කොළඹ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වයසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බවත් එහි වැඩිම ප්‍රතිශතය සියයට 32.4 හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින බවත් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා  කීය.