SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා ගොඩනගාගෙන ඇති ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයට නැවතීමේ තිත තැබීම සඳහා

ජනාධිපතිවරණය පැවැත්විය හැකි ආසන්නතම දිනයේ ජනාධිපතිවරණ පවත්වන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව නිදහස් ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අද (22) පැවසීය.


“මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරුණි, ජනාධිපතිවරණය හැකි ඉක්මණින් පවත්වනු මැනවි” යැයි  ඩලස් අලහප්පෙරුම  ඉල්ලා   සිටියේය.

  
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිදහස් ජනතා සභා මාධ්‍ය හමුවේදී අද අදහස් දක්වමින්  වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාපිත ආඥාදායකත්වයක් රට තුළ නිර්මාණය කර ඇති බවත් එහි ප්‍රතිපළයක් ලෙස ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවන් රැසක් ක්‍රියාත්මක වන බවත් පවසයි.


ජනාධිපතිවරයා ආරූඩ කරගෙන සිටින එම ආඥාදායකත්වයේ ප්‍රතිඵලයක් ලෙස පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ, මැතිවරණ සිතියමෙන් ඉවත් කර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ දිනය ඔහුගේ සාක්කුවට දාගෙන ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා පාර්ලිමේන්තු තුළ සමච්චලයට ලක්කරමින් ස්වාධීන කොමිෂන් සභා සියල්ලම සමච්චලයට ලක්කරමින් සිටින බවත් ඔහු පවසයි.