SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ රට හොරුන්ගේ මංකොල්ලකාරයන්ගේ පාරාදීසයක් බවට පත්වුණේ,

යුද්ධය  දිනා ගැනීම පලිහක් කරගෙන රාජපක්ෂ රෙජීමය රටේ ධනය කොල්ලකෑමත් සමග බව සමගි බන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

 කැලේක අතරමං වෙච්ච කෙනෙක්ව බේරගත්ත කියල ඒ කෙනාව දූෂණය කරන්න අයිතියක් නැහැ!

 

“ඒ ආර්ථික ගැටළු විසඳීමට පැමිණි මහා බැංකුව  %76කින් පඩි වැඩි කරගෙන...

නමුත් පෙන්වා දෙන්නේ එය මහා බැංකුවේ ස්වාධීන කිරීමක් ලෙස..

මහා බැංකුවේ සුළු සේවකයෙක්ගේ දළ මාසික වැටුප එක් ලක්ෂ  අසුදාහක් පමණ..

මෙසේ මහා බැංකුවේ පඩිය  %76 වැඩි කරන්නේ නම්,‍රාජ්‍ය සේවකයින්ගෙන් පඩි වැඩි විය යුතුයි.

මහා බැංකු  අධිපතිතුමාට කියන්නේ කැමතියි මෙය ආපස්සට ගන්න කියලා.මේ අසාධාරණය නවත්තන්න කියලා.බදු අසිමාන්තික ලෙස වැඩි කරලා රාජ්‍ය සේවකයන්ට රුපියල් දහදාහක් පමණක් ලබා දෙනවා.”

 

 

ලක්ෂ දහයක පමණ නිවාසවල විදුලිය විසන්ධි කරලා. දුවා දරුවන්ට පාඩම් කරන්න විදිහක් නෑ. නමුත් විදුලු බල මණ්ඩලයේ  මාධ්‍ය  ප්‍රකාශක කියා සිටිනවා, විදුලිය  අවශ්‍ය නැහැ නැහැ කුප්පිලාම්පුවෙන් පාඩම් කරන්න කියලා. මෙම ප්‍රකාශය මොනතරම් නරුමද?...

 

මෙම ප්‍රකාශයෙන් මෙම පාලකයන්ගේ මානසිකත්වය හොඳින් පැහැදිලි වෙනවා. ජනතාව ගැන කිසිම හැඟීමක් දැනීමක් මොවුන්ට නෑ කියලා දැන් ඔප්පු වෙලා හමාරයි. රාජ්‍ය ආදායම ඩොලර් රාජ ආදායමෙන් වැඩි කිරීම එකම විසඳුම වුවත්, සිදු කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මොවුන් සතුව නැහැ. තරුණ විවසාදායකයින් බදු බරින් මිරිකිලා, ඔවුන්ට ජාත්‍යන්ත වේළදපොළට යාමට  තිබෙන අවස්ථා සීමා කරලා, මෙම ආණ්ඩුවට පාලනයේ රැඳී සිටීමට කිසිදු සුදුසුකමක් නැහැ. එය දැන් ඔප්පු  වී හමාරයි”.

 

සම්පූර්ණ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්..