SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන තරම් කපටියක් නෙවෙයි කියල  ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක කියල තියෙනවා.

ඔහු ඒක කියල තියෙන්නෙ මොන විදිහකින් හෝ  ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ කලොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට  නියමිත ධුර කාලය අවසන් වීමටත් කලින් ගෙදර යන්න සිද්ධ වෙනව කියලයි.‍

එහෙම නැතිව දවස ගානේ රනිල් උන්නැහේ කරන ජෝක් දැකලනම් නෙවෙයි වෙන්නැති.

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන එකක් ගෙනත් තිබුණත් අනුර කියන්නේ ඒක පරණ සටන් පාඨයක් කියල යි.

 

දැන් ඉතිං ජනාධිපති ක්‍රමය අහෝසි කරනව හැරෙන්න මේ මැතිවරණය ගොඩගන්න විදියෙ සංවිධාන යාන්ත්‍රණයක් යූ ඇන්පීයට කොහොමටත් හදාගන්න බෑ කියල තේරෙනවා.

 

ඒකේ හොඳම කැඩපත තමයි පහුගිය දවස්වල යූඇන්පී ප්‍රචාරක ටීම් එකේ ක්‍රිෂාන් තියඩෝර් හදපු R Squad - Presidential Election 2024 කියලයි කට්ටිය කියන්නෙ. ඒව නම් පොඩි පොඩි වට්ස්ඇප් ගෘප්නෙ. ඒත් යූඇන්පීයෙන් දිනන්න පුළුවන් මැතිවරණයක් නැති හින්ඳම තමයි රනිල් ලොක්ක පාඨලී එක්ක කියල තිබුණ වගේ ස්වාධීන අපේක්ෂකයෙක් වෙලා තරඟ කරන්න යන බලාපොරොත්තුව. හැබැයි ඒ ගැනත් තීරණයක් ගන්නව කියන්නෙ අප්‍රේල් අන්තිම කියලයි කියල තියෙන්නෙ.

 

දවසින් දවස රනිල් ලොක්කගෙ තීරණ කල් යද්දි ඔන්න අපි රැල්ලට මොකද වෙන්නෙ කියල බලන්නයි යන්නෙ...

කොහොම උනත් අද ගොසිප් එකෙන් අපි කියන්න යන්නෙ වෙනත් කාරණයක්.

 

පහුගිය දවස්වල දෙස් විදෙස් මාධ්‍යවල ලොකු ඉඩක් විවර උනේ අනුර කුමාරලා ගේ ඉන්දීය ගමන ගැනනේ.

අපි මීට කලිනුත් කියල ඇති ඉන්දියාවෙ ආරාධනාව එන්න කලින් පසුගිය වසරේ දෙසැම්බර්වල අනුරල චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනාවකට චීනයට ගියා කියල.

ඒ කතාව ඇත්ත බව පහුගිය දවසක අනුර කුමාර මාධ්‍ය නාලිකාවකදිත් කියල තිබුන.

 

දෙසැම්බරයේ චීනයට ගිය හින්ඳම තමයි ලු ඉන්දියාවත් ඒ  ගිහින් ආපු ගමන් ඉන්දියාවට ආරාධනය කරල තිබුණෙ. ඒක කොහොම උනත් පෙබරවාරි දක්වා කල් ගියා ලු.

 

කොහොමින් කොහොම හරි ඉන්දීය සංචාරයේදි ඉන්දීය රජය ජාතික ජන බලවේගයට ඡන්දයට පාවිච්චි කරන්න රුපියල් මිලියන 650ක් දීල තියෙනව. ඒත් ජාතික ජන බලවේගය ඒක ප්‍රතික්ෂේප කරාලු. ඒක නම් කියන්නම ඔින ඇත්තක්.

 

කොහොම උනත් චීන ආරාධනයෙන් ගියපු ගමනෙදි ජාතික ජන බලවේගය කැම්පේන් එකට චීනෙන් මුදල් ඉල්ලල තියෙනවලු. ඒ උනාට හැබැයි චීනෙන් ඉල්ලපු මුදලට වඩා අඩු මුදලක්ලු ඔවුන්ට ලැබුනයි කියන්නෙ.

 

මොනව උනත් ඉන්දියාව මෙදා පාර එක ගලෙන් කුරුල්ලො හතර පස් දෙනෙක්ටම වැඩේ දුන්න කියලයි කට්ටිය කතා වෙන්නෙ.

 

#Gossip