SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සතියේ පැවති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමිකර ගැනීමට හැකියාවක් නොලැබුණු තත්වයක් යටතේ,

පාකිස්තානයේ හිටපු අගමැති  නවාස් ෂරීෆ් හා බිලාවල් භූතෝ නව රජයක් පිහිටුවීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්.

 

ඉම්රාන් ඛාන්ට පක්ෂපාත ස්වාධීන කණ්ඩායම් ආසන 93ක්, හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ආසන 75ක් සහ  බිලාවල් භූතෝ ආසන 54ක් දිනා ගැනීමට එම මැතිවරණයේදී  සමත්වූ අතර, කිසිදු පක්ෂයකට බහුතර බලයක් නොමැතිවීම හේතුවෙන් සභාග රජයක් පිහිටුවීමට සිදුව ඇත. මෙහිදී  පාකිස්තානයේ මැතිවරණ රැල්ල බවට පත්වුනු නව බලවේග සමග සැදුනු ස්වාධීන පෙනී සිටීම් අභිබවමින්  ෂරීෆ් හා භූතෝ පක්ෂ එක්ව සභාග  රජයක් පිහිටුවීම එකඟතාවයකට එළැඹ ඇත.

 

කෙසේ වුවද ඔවුන් රජයක් පිහිටුවන බව නිවේදනය කළ පසු හිටපු අගමැති  ඉම්රාන් ඛාන්ගේ පීටීඅයි පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ  ෂරීෆ් / භූතෝ සභාගය ජනමතය සොරා කෑ දූෂිත කණ්ඩායම් බවයි.

කෙසේ වුවද නැවත ලෝක දේශපාලනය ගමන් කරමින් සිටින්නේ සභාග ආණ්ඩු ප්‍රවේශයකට ය. ඒ පවත්නා පාලනයන්ට එරෙහිව නැගෙන ස්වාධීන හෝ වාමධාරී දේශපාලනයන් අභිබවා යන ආකෘතියක් නැවත වටයකින් නිර්මාණය වීමකි.

ලංකා දේශපාලනයටද මෙම වර්ෂය අතිශය වැදගත් මැතිවරණ වර්ෂයක් වන අතර බොහෝ වාර්තා, නිගමන, සංවාද ගැට ගැසී ඇත්තේ ප්‍රබූ දේශපාලන ගමන් මග අවහිර කරමින් වුවද එය මගහැර යා නොහැකි ලෙස අත්විඳින්නට සිදුවන යථාර්තයක් වේද?