SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම තම අෙප්ක්ෂාව බව ඔහු පවසයි.

 

එහිදී එක්සත් ජනරජ පෙරමුණ යනු එහි තවත් එක්  කොටස්කරුවෙකු පමණක් බව කියන පාඨලී මන්ත්‍රීවරයා, පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම තම අරමුණ බවද කියයි.

 

 එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරේ. ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇතැයි ඔහු පෙන්වා දෙයි. රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බව ද පාඨලී  අවධාරණය කරයි.

 

ඒ අනුව ඉතිහාසයේදී සැම විටම පොදු අරමුනක් සඳහා කන්ඩායම් ගතවු බවත්, එහිදී  ලැබෙන වගකීම කුමක්ද යන්න තමන්ට අදාල නොවු බවද  පැවසු පාඨලී චම්පික මෙවරද පොදු අරමුනක් සඳහා තමන්ගේ දායකත්වය තිබෙන බවත් වඩාත් සුදුසු ඔිනෑම ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ සහාය හිමිවන බවත් පවසයි.

 

එම සාමුහිකය සිතන්නේ තමන් එයට සුදුසු ලෙසට නම් තමන් එම අභියෝගය භාර ගැනීමටද සුදානම් බව හෙතෙම පැවසීය.

 

@මාධ්‍ය ඒකකය