SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පහුගිය දවසක පාඨලීට දුරකථන ඇමතුමක් දීල ලු.

ඒක වෙලා තියෙන්නෙ පාඨලීගේ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” ප්‍රකාශය එළිදක්වමින් පැවති එක්සත් ජනරජ පෙරමුණේ රැස්වීමට පස්සෙ ලු.

 

පාඨලීව දුරකථනයෙන් අමතපු රනිල් මුලින්ම කියල තියෙන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා පාඨලීව මෙදා සැරේ ක්‍රම පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයට පත් නොකිරීම සම්බන්ධයෙන් ලු.

පසුගිය පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමත් එක්ක පාඨලී සභාපතිත්වය දරපු ක්‍රම හා විධි පාර්ලිමේන්තු කාරක සභාවටත් නව වාරය සඳහා අලුතින් සාමාජිකයින් පත්කරගන්න සිද්ද උනා.

ඒ උනත් ජනාධිපති අපේක්ෂකත්වයක් ගැන පැතිරුනු හාහෝවක් හින්ඳා‌දෝ  මෙදා සැරේ සජිත් ලොක්ක පාඨලීට ඒ කමිටුවේ සභාපතිකම තියා සාමාජිකත්වයවත් දුන්නෙ නැති ලු.

මොකද මේ මනුස්සය ගිය පාර දීපු සභාපතිකමේ ඉඳගෙන ලොකු වැඩකොටසක් කරපු හින්ඳ ය කියලයි සමහරු නම් කතාවෙලා තියෙන්නෙ.

ඒ මොනව උනත් රනිල් ලොක්ක පාඨලීට කිව්වය කියන්නෙ වෙනම කතාවක්..

 

“ඔයා විතරයි ඒ කාරක සභාවලින් වැඩක් කළේ... ඒක ගැන මට ගොඩක් සතුටුයි.

ඔිනනම් මට පුළුවන් ඔයාව ආණ්ඩු පක්ෂයෙන් නම්කරන සාමාජිකයෙක් හැටියට පත්කරගන්න..ඔයා ඒකට කැමති ද?

 

“නෑ සර් බොහෝම ස්තූතියි..

ඒක කරන්න බෑ ...”

 

කියල පාඨලී බොහෝම කාරුණිකව රනිල් ලොක්කගෙ ආරාධනාව ප්‍රතික්ෂේප කරා ලු.

 

“මම කෝල් කළේ මන්ත්‍රීතුමා අර ඇක්ෂන් ප්ලෑන් එක හොඳයි කියල කියන්නයි..

අපෙන් ගියපු අයත් ඒ ගැන හුගාක් හොඳ කිව්ව..”

 

“සර් ඒක කියවල බැලුවද?”

 

“ඔව් ඔව් මම ජනාධිපති කාර්යාලයට කොපියක් ගෙන්නගත්ත”

 

අපි මේ ගැන ජනරජ කාර්යාලයෙන් ඇහුවහම ඒ අය කිව්වෙ වැඩේට පහුවදා  ජනාධිපති කාර්යාලයෙන් කෙනෙක් ඇවිත් පොතේ පිටපතක් අරගෙන ගිය බවයි.

දුරකථන ඇමතුමෙන් ප්‍රයෝජන ගත් පාඨලී අහල තියෙනව මැතිවරණ පැවැත්වීම ගැන එළියෙ යන කතාව ඇත්තද කියලත්.

 

“ජනාධිපතිවරණය හරි මහා මැතිවරණය හරි කල්දාන්න ම‌ගේ කිසිම අදහසක් නැහැ. ඒව නියමිත වෙලාවට පැවැත්වේවි.

ඒකෙදි මම කිසිම පක්ෂයකින් ඉදිරිපත් වෙන්නෙ නැහැ..

මම ඉදිරිපත් වෙන්නෙ ස්වාධීන අපේක්ෂකයෙක් හැටියටයි.

ඒ, රට වෙනුවෙන්...”

 

ජනාධිපති රනිල් තව දුරටත් කියල තියෙන්නෙ සමගි ජන බලවේගයේ පිරිසකුත් මේ ස්වාධීන කතන්දරය නිසා ඔහු එක්ක එකතු වෙන්න තීරණය කරල කියලලු.

 

කොහොම උනත් ජනරජ පෙරමුණේ වැඩෙන් පස්සෙ එක්සත් ජාතික පක්ෂය ඇතුලු තවත් පක්ෂ ගණනාවක් සාකච්ඡා ඉල්ලල තියෙනව ලු.

 

"වැඩේ නම් හොඳටම පත්තු උනා..."

 

බෝතල් එක්ක සෙට් වෙච්ච පක්ෂ විපක්ෂ කට්ටිය පහුවදා සමහරුන් කතාවෙලා තියෙන්නෙ එහෙමලු.

 

එහෙම උනත් පාඨලී ඇතුලු ජනරජ කට්ටිය තීරණය කරල ඉන්නව කියන්නෙ “අනෙකා” කරගනිපු දේශපාලනයක් නොකර මේ වෙලාවෙ හැමෝම එක්ක රටේ වෙන්න ඔින මොනවද කියන එකඟතාවක් හදාගෙන දේශපාලනයේ නිරත වෙන්නලු.

ඒ හින්ඳ සාකච්ඡාවන්ට එකඟ වෙලා ඉන්න හැම පක්ෂයක් එක්කම තම වැඩපිළිවෙල සාකච්ඡා කරන්න ඔන්න ඉතිං ඒගොල්ලො පිලිවෙතින් පෙළ ගැහිලලු.

 

#Gossip