SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය මාස දෙකක කාලය තුළ සමාජ මාධ්‍ය  විසින් හෙළිදරව් කළ ග්‍රාමීය ගොවීන්ට කරන ලද  දැවැන්ත මූල්‍ය වංචාවේ මහමොළකාරිය වූ

වැලිකන්ද එජාප මංත්‍රිනී K.H. උදේනිකා දමයන්ති නම් තැනැත්තිය විසින්  වංචා සහගතව රට පුරා අහිංසක ගොවීන් රවටා කොල්ල කා ඇති මුදල වාර්තා වී ඇති තොරතුරු අනුව රුපියල් මිලියන පහකට අධිකය.

 

ඒ, අබ්දූල් කළාම් පදනමේ පොලොන්නරු දිස්ත්‍රික්කයේ අධ්‍යක්ෂිකා ලෙසත් දිස්ත්‍රික්ක 25ටම විධායක අධ්‍යක්ෂිකා ලෙස පෙනී සිටිමිනි. මේ සියළු වංචනික මූල්‍ය අපරාධයන් සිදු කිරීමට අනුබල දී ඇත්තේ, මහජන මුදල් කොල්ල කෑම ඉලක්කගතව ‘ලාභ නොලබන පුණ්‍යාධාර ආයතනයක්’ ලෙස අටවාගත් අබ්දූල් කළාම් ට්‍රස්ට් පදනමේ සභාපති කරුණාකරන් ශිවා යන අය විසින් යැයි හෙළිදරව් වී තිබේ.

 

අප එසේ කියනුයේ  මේ වංචා සියල්ල ඔහු දැන දැනත්, මෙම මහා වංචාව පිළිබදව හෙළිදරව් කොට දැනුවත් කළ පසුබිමක ඊට අදාළ නෛතික ක්‍රියාමාර්ගයන් ඔහු නොගැනීම නිසා ය. විනය හා නෛතික ක්‍රියාමාර්ගය ගැනීම පසෙක තබා ඔහු විසින් දෙවියන් ගැන දිවුරමින් එම සංවිධානයෙන් ඉවත්වෙමින් යමින් සිටින සංවිධායකවරු හා ක්‍රියාකාරීන් තවදුරටත් රැවටීමය. 

 

ලිඛිත පත්වීම් හෝ සාක්ෂි  නොමැති අසරණ මිනිසුන්ගේ මුදල් ගසාකන අපූරු පදනම තවදුරටත් ජනතාව රවටමින් මුදල් ගරාණාවක……..!

 

මෙලෙස මහාවංචාවක් හෙළිදරව්ව තිබියදීත්, ඊට විශේෂ අපරාධ විමර්ශන අංශයේ පැමිණිලි ගොණුව ඇති මොහොතකත්, පසුගිය 11වන දින නැවතත් අහිංසක ජනතාව රැවටීමටත්, නැතුවුන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමේ අටියෙන් පසුගියදා  හම්බන්තොට ප්‍රදේශයේ පාසල් බෑග් බෙදා දීමක් සිදුකොට ඇත, ඒ ගැන අප කළ සොයා බැලීමකදී හෙලිදරව්  වූයේ ඒවා අහිංසක ගොවීන් රවටා ට්‍රැක්ටර් රථ හා කෘෂි උපකරණ ලභාදෙන මුවාවෙන් කොල්ල කෑ මුදල් වලින් කරුණාකරන් ශිවා හා උදේනිකා දමයන්ති කළ ඉන්දියානු සංචාරයේදී ජනතා මුදලින්ම රැගෙනවිත් ජනතාවටම ලබාදුන් සන්තෝෂම් ලෙසය.

 

කරුණාකරන් ශිවා දිවුරා පවසන්නේ ඔහු මෙම වංචාව කිසි ලෙසකින් දැන නොසිටිය බවත්, ඒ සම්බන්ධව කිසිඳු සබඳතාවක් නොමැති බවත්ය . එනමුදු අප සතුව ඒ සියළු වංචාවන්ට කරුණාකරන් ශිවාගේ  ඍජුව  හා වක්‍රව ඇති   සම්බන්ධයන් හෙළිදරව් කිරීමට ඕනෑවටත් වඩා සාක්ෂි තිබේ., කෙසේ වුවද බොහෝ සාක්ෂි මාධ්‍යට හෙළිදරව් නොකරන්නේ එය ක්‍රියාත්මක වීමට නියමිත නෛතික කටයුතු වලට බාධාවක් වනබැවිනි, නොඑසේනම් කරුණාකරන් ශිවා ලා හා වංචාකාර එජාප මංත්‍රිනී K.H. උදේනිකා ලා එම සාක්ෂි විනාශ කරණු නිසැකය.

 

එස්. ආර්. එඩ්වර්ඩ් ගේ අත්සන් යොදා කූට ලේඛන සැකසීමට හා ඔහුගේ කීර්ති නාමයට හානි කිරීම ගැන පොලිස්පති හා ඇමතිට පැමිණිලි ….!

 

අප විසින් කළ හෙළදරව්වෙන් පසු එස් ආර් එඩ්වඩ් විසින් ඔහුගේ නම අවභාවිතයට හා ඔහුට එල්ල වන මූල්‍ය චෝදනා වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ගය ගැනීම ඉතා මන්දගාමී උවත්, දිගින් දිගටම සිදුකළ පැහැදිලි කිරිම් හා ඔහුට ඇතිවිය හැකි අනතුර හා අවාසිය පැහැදිලි කිරීමෙන් පසුව වැඩ බලන පොලිස්පතිට හා පොලීසිය භාර ඇමති ටිරාන් අලස්ට ලිඛිතව පැමිණිලි ඉදිපත් කොට ඇත.

 

edwad l 1

edwad 2

 

WhatsApp Image 2024 02 15 at 21.18.09

 

 

මසකට අධික කාළයක් ගතව ඇතත් පොලීසිය නිහඬයි…! වංචාකාර කොල්ලකරුවන් තවම නිදැල්ලේ…. දේශපාලන බලපෑම්‍ යැයි වින්දිතයින් ගෙන් චෝදනා………!

 

මසකට පෙර සිදුකළ SCIB පැමිණිලි ප්‍රකාරව මේ මොහොතවන විටත් කිසිඳු නෛතික ක්‍රියාමාර්ගය වල ප්‍රගතියක් නොමැති බවට වින්දිත ගොවීන්ගෙන් චෝදනා එල්ලවීම සාධාරණ  ය.

 

le 1le 2

 

වින්දිත ගොවීන් කියා සිටින්නේ මාධ්‍ය විසින් ඉතා අවංකවත්, අපක්ෂපාතීවත් තොරතුරු අනාවරණය කළද ඊට නිසි සාධාරණයක් නීතිය ක්‍රියාත්මක කරවන ආයතන තුළින් සිදු නොවූ බවත්, ඉතා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කොට තිබියදීත් මෙසේ නීතිය ක්‍රියාත්මක නොවන්නේ වංචාකාර එජාප මංත්‍රිනී K.H. උදේනිකා දමයන්ති තම දේශපාලන බලය හා අබ්දූල් කළාම් සභාපති කරුණාකරන් ශිවා ගේ සබඳතා භාවිතා කරමින් කරන අනීතික බලපෑම් නිසා  විය හැකි බවය. මෙකී චෝදනා ඉතා වේගයෙන් සමාජගත වන්නේද තර්කානුකූලව ගත් කළ එහි පැහැදිලි සත්‍යතාවක් ඇති නිසාවෙනි. තවද උදේනිකා ලා මිලියන ගණනින් මූල්‍ය අපරාධ කොට නීතිය හමුවට ගොස් සාක්ෂි ලබාදී තම නිර්වද්‍ය භාවය ඔප්පු කිරීම පසෙකලා පොලීසිය වෙත  පිටු ගණන් ලිපි යවා නිදහසේ එකී ජාවාරම ජයට කරගෙන යාමය.

 

අඹ ගෙඩි අටක්, පොල් ගෙඩි දෙකක් අහුලාගත් විට කුදලාගෙන ගොස් නීතිය ක්‍රියාත්මක කරන රටේ, කුප්‍රකට උදේනිකාලා යෙහෙන් වැජඹෙන්නේ කෙසේද…?

 

අධික ආර්ථික අහේනිය, කරකියාගත නොහැකි කර්කෂ ජීවිත ඇත්තෝ තම හයක් හතරක් නොදන්නා දුවා දරුවන් කුසගින්නේ හඬද්දී ඕනෑම ක්‍රමයකට තම දරුවන්ගේ කුසගිණි නිවීමට පෙළඹෙති……… විටක තම ශරීරය උවද විකිණීමට නොපැකිලි වන්නේ දාරක මාතෲ ස්නේහය නිසාවෙනි… පීතෲ වරුන්ද ඊට දෙවනි නැත.

 

එසේ නැති බැරි සාමාන්‍ය අන්ත අසරණ ජනතාවට එලෙස නීතිය සැනෙන් ක්‍රියාත්මක වෙද්දී, අහිංසක මහජනතාවගේ තූට්ටුදෙකත් වංචනිකව සොරාකන උදේනිකාලා වැනි කුප්‍රකට වංචාකාරිනියන් යෙහෙන් වැජඹෙන්නේ ජරා ජීර්ණ වූ ජාවාරම්කාර දේශපාලනයේ අනුහසින් ද?

 

එවන් රටක තවදුරටත් නීතිය සමව ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීම, යුක්තිය පැතීම විහිළු සහගත වුවත් අප වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට හා පොලීසිය හා මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස්ට දැඩිව අවධාරණය කරණුයේ මෙවන් කුප්‍රකට නින්දිත මංකොල්ලයන් හා වංචනික ත්‍රාඩ සංවිධානයන් ගැන වහාම විවිමර්ශනය කොට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ය.

 

නොඑසේනම් පොලිස් ඇමති විසින් මේ රටේ මත් ද්‍රව්‍ය ජාලය කුඩුපට්ටම් කිරීම හා විනය ගරුක නීති ගරුක සමාජයක් බිහිකිරීමට මේ දිනවල දරන ඉතා වැදගත් උත්සාහයන් නිෂ්ඵලවන අතර බිම් මට්ටමේ ජනතා ප්‍රසාදය මෙන්ම මධ්‍යම ඉහළ මධ්‍යම පාන්තික ප්‍රජාව අතරද දැඩි විරෝධයක් හා කළකිරීමක් අවිශ්වාසයක් ඇතිවීම නොවැලැක්විය හැකි වනු ඇත.

පොලිසි භාර ඇමති ටිරාන් අලස් අමාත්‍යවරයාණනි,

වැඩබලන පොලිස්පතිතුමනි,

මේ ඔබේ අවදානය පිණිසයි.

 

@ සුමුදු මද්දුමාරච්ච්

මිලානෝ,

ඉතාලිය.

( 00393892317579 )