ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර දඹුල්ලේදී පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්රිකට් තරගයේ
ප්රවේශපත්ර සියල්ල මේ වනවිට විකිණී අවසන් බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසයි.
තරගය නැරඹීම සඳහා ප්රවේශපත්ර ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසට ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ක්රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටී.
ඊයේ දිනයේ ද ප්රවේශපත්ර ලබාගැනීම සඳහා විශාල පිරිසක් දඹුල්ල ක්රීඩාංගණය අසළ පෝලිම්වල සිටිනු දැකගත හැකිවිය.