SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාතලේ දිස්ත්‍රික්කයේ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට 2024 අයවැය යෝජනා යටතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් වෙන්න නොකිරීම පිළිබඳව

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිනී කවිරත්න හා සංවර්ධන කමිටු සම සභාපති අතර උණුසුම් තත්ත්වයක් ඇති ව තිබේ.

 

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රි නාලක කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී ඊයේ  (15 වැනිදා)  පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පැවති අතර මෙම තත්වය ඇති ව ඇතැයි වාර්තා වේ..

ඒ, 2024 අයවැය යෝජනා යටතේ දිස්ත්‍රික්කය තුළ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් අනුමත කිරීම සඳහා සංවර්ධන කමිටු සභාපති යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

 

විපක්ෂයේ එකම මන්ත්‍රිවරිය වන රෝහිණී කවිරත්නගේ යෝජනා කිසිවක් මේ සඳහා ඇතුළත් නොකිරීම  පිළිබඳව ඇය කමිටුවෙන් විමසා ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ 2024 අයවැය යෝජනා සඳහා රුපියල් මිලියන 287ක් වෙන්කර තිබුණද විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට කිසිදු මුදලක් වෙන්කර නොතිබීම පිළිබඳ ඇය ප්‍රශ්න කර තිබිණි.

 

එම මුදල් 2024 විමධ්‍යගත මුදල් ලෙස වැරදි ලෙස සටහන් වී ඇති බවත් එය විශේෂ ව්‍යාපෘති මුදල් ලෙස වෙනස් විය යුතු බවත් තමා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර යළිත් යූ ගමගේ මෙහිදී ප්‍රකාශ කළේය.

 

විපක්ෂයටද මේ සඳහා මුදල් වෙන් කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කරන ලෙසත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී රාජසන කතාව සිදුකරන අවස්ථාවේදී විපක්ෂයට එකතුවෙන්න යැයි ප්‍රකාශ කළත් දිස්ත්‍රික්කය තුළ සිදුවන්නේ වෙනත් දෙයක් යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න චෝදනා කර තිබුණාය.

නවතම ලිපි