SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනමතයක් නැති පාර්ලිමේන්තුවක් තුළ විධායක ජනාධිපති ධුරය අහෝසි  කරන්නට  බැරි බවත්,

ඒ හරහා සිදුවෙන්නේ මේ පාර්ලිමේන්තුව තුළ අගමැතිවරයා ලෙස  ජන මතයක් නොමැති අගමැති කෙනෙක් පත්කිරීමක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසයි.

 

සෞඛ්‍ය ඇමතිවරයාගේ විශ්වාස භංග යෝජනාවට අත් උස්සපු නැති,  ජනතාව ඝාතනය කරන්න සහය දුන් පාර්ලිමේන්තුවක අගමැති කෙනෙක් තමයි පත්කරන්න වෙන්නෙ.

අසීමාන්තිකව පීඩාවට පත්ව සිටින ජනතාවගේ පීඩනය පිට කරන්න සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයක් වන ඡන්දයක් ලබාදෙන්න කියලයි අපි කියන්නෙ..

 

“මාමා අගමැතිකම ජනාධිපතිකමට මාරු කරගත්ත වගේ බෑණා ජනාධිපතිකම අගමැතිකමට මාරුකරන්න හීන දකිනව ඇති.

නොයෙක් කැරට්  අල දෙනව ඇති.

ඒව එකක්වත්  හරියන්නෙ නැහැ.

සැප්තැම්බර් මාසෙ 16 වෙනිදයි ඔක්තොම්බර් මාසෙ 16 වෙනිදායි අතර ජනාධිපතිවරණයට ලෑස්ති වෙන්න.

ජනාධිපතිතුමාට ඡන්ද නැති එකට, එතුමාට ඉල්ලන්න පක්ෂයක් නැති එකට අපිට කොරන්න දෙයක් නෑ..

ජනාධිපති වෙලා අව්රුදු එකහමාරක් වෙලත් අදටත් මහජන රැස්වීමක් කරගන්න බෑ..

රාජ්‍ය නිළධාරීන්ගෙ රැස්වීම්වලට විතරයි යන්නෙ..

ඒ මොකද? එතුමා දන්නවා මේ රටේ  ජනතාවගේ රීරි මාංස උරාබීල, බදු බර වැඩිකරල, බඩු මිළ වැඩි කරල බිල් වැඩිකරල, මිනි ස්සුන්ව නොමරා මරල තියෙන්නෙ.

ජනතාවට මුහුණ දෙන්න බෑ කියල”.

 

සම්පූර්ණ අදහස් ප්‍රකාශ කිරීම පහත වීඩියෝවෙන් නරඹන්න.