SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත්

විධායක ජනාධිපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි.

නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ඔහුගේ අදහස වී ඇත.

 

ආණ්ඩුවට කිසිලෙසක වංගු ගැසීමට ඉඩ තැබිය නොහැකි බව කී ඩලස් අලහප්පෙරුම වර්තමාන ජනාධිපතිවරයාගේ මාමාගේ පාලන කාලයේ පැවති ජනමත විචාරණය මෙරට ඉතිහාසායට කළු පැල්ලමක් එක්කළ අවස්ථාවක් බවත් මතක් කර දුන්නේය.

 

එම ජනමත විචාරණය ඡන්ද මංකොල්ලයක් වූ අතර, ජනාධිපති අපේක්‍ෂයෙක් පවා හොර ඡන්ද දැමුවේ යැයි චෝදනා කළ විදේශ තානාපතිවරු පවා එළවා දැමීමට කටයුතු කළ බවත් එවැනි පසුබිමක් ඇති නායකයන් ජනතාවට එක් පැත්තකින් හාස්‍යය මෙන්ම අනෙක් පැත්තෙන් වේදනාවන්  සපයන බවත් ඔහු කියයි.

 

මෙම තත්වයෙන් ගැලවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ ඉදිරියට යා යුතු බව කී ඩලස් අලහප්පෙරුම   අවධාරණය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිළිව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5 ක් සම්පූර්ණ වීමට මාසයකට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතු යැයි සඳහන්ව ඇති බවත්ය.‍

 

වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය මෙම වසරේ නොවැම්බර් මස 19 වැනිදාට වසර 5 ක් සම්පූර්ණ වන බවත් ඒ අනුව ඔක්තෝබර් මස 18 වැනිදා වන විට නව ජනාධිපතිවරයෙක් පත්වී සිටිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

 

da

 

ආණ්ඩුවේ වැඩපිළිවෙළට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් සහ මධ්‍ය ලක්‍ෂය ගන්නා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට සිය පාර්ශවය කැමති බව කී ඔහු  අධිතක්සේරුවෙන් සිටින ඕනෑම විපක්‍ෂ බලවේගයකට පාකිස්තාන මැතිවරණයේ ප්‍රතිඵලය හොඳම උදාහරණය බව ද සඳහන් කළේය.

 

මෙරට ජනතාව 2020 සිට 2022 දක්වා කාලය තුළ සිස්ටම් චේන්ජ් කිරීමට මැතිවරණයක් සහ අරගලයක් හරහා උත්සාහ දෙකක් කිරීමෙන් රටට අවාසි ගොඩක් ගෙන දුන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම වැඩි දුරටත් පැවසීය.