SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ 42 වන සංවත්සරය යෙදී තිබුණු  ඊයේ (14 වැනිදා) එහි නව වෙබ් නාළිකාව සම්බන්ධයෙන් පාලනාධිකාරිය සහ සේවකයින් අතර ඇති වූ මත ගැටුමෙන් පසු එම වෙබ් නාළිකාව නවතා දමා ඇතැයි වාර්තා වේ.

රූපවාහිනි සංස්ථාවට මෙම මොහොතේ නව වෙබ් නාළිකාවක් අනවශ්‍ය බවත්, සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් තුළ නව වෙබ් අඩවියක් ආරම්භ කිරීම මුදල් කාබාසිනියා කිරීමක් බවත් සේවකයන් පෙන්වා දී ඇත.

රූපවාහිනි සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ විසින් සේවකයන් ඊයේ (14 වැනිදා) අමතන අවස්ථාවේ ඔහුට දැඩි විරෝධයක් එල්ල වී ඇතැයි කියති. එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. එහිදී සේවකයින් පවසා ඇත්තේ මේ වන විටත් රූපවාහිනි සංස්ථාව රුපියල් මිලියන තුන්දහසකට වඩා වැඩි මුදලක් ණය වී ඇති බවයි. සංස්ථාවට විදුලි බිලද ගෙවාගත නොහැකි තත්ත්වයක් තුළ ‘රෑ රේඩියෝ’ නම් නව නාළිකාව ආරම්භ කිරීම සඳහා ලක්ෂ තුනක පමණ මුදලක් පාලනාධිකාරිය විසින් ඒ වන විටත් වියදම් කිරීම ගැන සේවකයන් විරෝධය පළකොට ඇත.

 

අසල්වැසි ගුවන් විදුලි සංස්ථාවේ මාධ්‍යවේදියෙකු පැවසුවේ රූපවාහිනියේ සභාපතිවරයාට ඔහු ගුවන්විදුලියේ සභාපතිවරයා යැයි සිතී මෙවැනි යෝජනා ගෙන එන්නට ඇති බවය.

 

රූපවාහිනියේ විකාශය වූ ටෙලි නාට්‍යවලටද හිඟ මුදල් නොගෙවමින් සිටින මොහොතක සභාපතිවරයාද පොරොන්දු වී සිට ඇත්තේ වෙබ් නාළිකාව පටන් නොගන්නා බවටය.

 

කෙසේ නමුත් ඊයේ දින එම වෙබ් නාළිකාව පටන් ගැනීමට සූදානම්ව සිටියදී සේවක විරෝධය මැද එය නවතා දමා ඇතැයි වැඩිදුරටත් සඳහන්ය.

 

රූපවාහිනියේ සභාපතිවරයා වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ සමීපතමයෙකු බව පැවසේ.