SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු අමාත්‍යවරයෙක් වන, ලෝක ශූර ක්‍රිකට් නායකයෙක් වන අර්ජුන රණතුංග සම්බන්ධව අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමේ නඩු දෙකක් විමර්ශනය වන බව ආරංචිමාර්ග පවසයි.

එක් විමර්ශන කටයුත්තක්ව ඇත්තේ අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා සතු කැලිෆෝනියාවේ පිහිටි නිවසක් සම්බන්ධ වාර්තාව සිය වත්කම් ප්‍රකාශනයට ඇතුලත් නොකිරීමය. (මෙම විමර්ශනය ආරම්භ වූ පසු ඔහු විසින් එය වත්කම් ප්‍රකාශනයට ඇතුලත් කර ඇත).

 

දෙවැන්න වන්නේ, යහපාලන රජය සමයේ අර්ජුන රණතුංග හිටපු ඇමතිවරයාගේ අමාත්‍යාංශයට අයත් පෙට්‍රෝලියම් ආයතනයේ සභාපති ධූරයට  තම සොහොයුරුව පත්කර තිබූ අතර යහපාලන රජයේ කැබිනට් මණ්ඩලය  විසින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි මිළදී ගැනීම් සිදු නොකරන ලෙස දන්වා තිබියදීත් එම නියෝගය ඉක්මවා කර ඇති  හදිසි මිලදී ගැනීමක් සම්බන්ධයෙනි.

 

මෙම හදිසි මිලදීගැනීම් හේතුවෙන් ලංකාවට සිදුව ඇති පාඩුව ඩොලර් මිලියන 800ක් බව පැවසේ.

 

Bc 3131/2019 නඩු අංකය යටතේ පැවරී ඇති මෙම විමර්ශනයේ අධිකරණ ක්‍රියාමාර්ග ඇන හිටී ඇත්තේ එවක සභාපතිව සිට ඇති අර්ජුන රණතුංග හිටපු ඇමතිවරයාගේ සොහොයුරු ධම්මික රණතුංග ඇමෙරිකාවේ පදිංචිව සිටීම නිසා ඔහුව ඉදිරිපත් කිරීමට නොහැකි වීම මත බව ආරංචිමාර්ග පවසයි. කෙසේ වුවත් ඉදිරියේදී ඔහු නොමැතිව හෝ අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇති බවටද එකී ආරංචිමාර්ග වාර්තා කර ඇත.

මේ අතර පසුගියදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මාධ්‍ය හමුවක් කැඳවමින් ජල සම්පාදන මණ්ඩලයේ සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් අර්ජුන රණතුංගගේ  දියණිය මෙන්ම කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියද සම්බන්ධ බවට ප්‍රකාශයක් සිදුකර තිබුණි.

 

ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ධුරය වර්තමානයේ  දරන්නේ නිශාන්ත රණතුංග වන අතර ඔහු අර්ජුන රණතුංග හිටපු ඇමතිවරයාගේ සහ වර්තමාන ඇමති ප්‍රසන්න රණතුංගගේ සොහොයුරා බව පැවසේ.

 

මොවුන් බොහෝ අවස්ථාවල සමාජය ඉදිරියේ පෙනී සිටින්නේ වංචාව හා දූෂණයට එරෙහිවන්නන් ලෙස වීම වඩාත් විවාදාපන්න කරුණක් වී ඇත.