SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලෙකට ඉස්සෙල්ල ලෝක කුසලානෙ ගෙනත් දීල මේ රටේ වීරයෙක් විදිහට අභිෂේක  ගැන්වුනු ක්‍රිකට් නායකයෙක් හිටියා.

ඔහුව සුප්‍රසිද්ධ උනේ අවංක, බොක්කෙන් වැඩ ජාතිකවාදී දේශප්‍රේමී ලෙවල් එකෙන්ලු.

 

පස්සෙ කාලෙ ක්‍රීඩාවෙන් සමු අරගනිපු නායක තෙමේ සුපුරුදු පිළිවෙලටම දේශපාලනයට ආවෙ අවංක පිරිසිදු නායකයෙක් කියල දිව්රුම් දෙමින්.

හැමෝම හිතුවෙ උන්දෑනම් රට වෙනුවෙන් අවංකයෙක් කියල.

කොහොම උනත් ක්‍රිකට් බෝර්ඩ් සිද්ධියෙදිත්  එයාගෙ පැටිකිරිය නාගන්න මට්ටමකමකලු තිබුනෙ.

 

ඔන්න ඒ අසහාය  ක්‍රිකට් නායක දේශපාලක තුමා ගැන  අල්ලස් හෝ  දූෂන කොමිසමේ මේ දවස්වල නඩු දෙකක් විමර්ශනය වෙනවලු.

 

එක නඩුවක් වෙන්නෙ එයාගෙ කැලිෆෝනියාවෙ තියෙන ගෙයක් සම්බන්ධව වත්කම් ප්‍රකාශයට ඇතුලත් නොකිරීමලු.

(නඩුව දැම්මට පස්සෙලු ඒක වත්කම් ප්‍රකාශයට ඇතුල් කරල තියෙන්නෙ)

 

දෙවැනි එක ප්‍රෙට්‍රොලියම් ආයතනයේ සභාපති ධුරයේ ඉන්ඳැද්දි 2016දි ටෙන්ඩර් පටිපාටියෙන් පිට ඉන්ධන ගැනීමක්ලු.

 

කැබිනට් මණ්ඩලය ටෙන්ඩර් පටිපාටියෙන් පිට හදිසි මිළදී ගැනීම් කරන්න එපා කියල දැනුම්දී තිබියදීත් ලු මේ හදිසි මිළට ගැනීම් කරල තියෙන්නෙ.

ඒකෙන් ලංකාවට වෙලා තියෙන පාඩුව ගණන් බලල තියෙන්නෙ ඩොලර් මිලියන 800ක් කියලලු.

 

ඔය තමයි අපේ රටේ කර උඩ තියාගත්ත හැම වීරයෙක්ගෙම පොඩි පොඩි හෙළිදරව්...

හෙළිදරව් වෙන්න නියමිත කට්ටියගේ විමර්ශනවලදි  පෝලිම්වල දිග බ්‍රයිබරිය ඉස්සරහ පෙනේවි කියලයි කට්ටිය නම් කියනවයි කියන්නෙ.

කව්ද දන්නෙ? මේක ලංකාව නොවැ?

ඔය ක්‍රිකට් වීරයො  අර වීරයො මේ වීරයෝ ඔක්කොම කර උඩ තියාගත්ත ජාතියක් නොව ලාංකිකයො කියන්නෙ..

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි