SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට බේරගත්තා කියූ කණ්ඩායම 2015 වෙද්දි, රටේ දේපළ මංකොල්ලකෑම්, මිනීමැරුම්, රට අරාජික කරපු ආකාරය මතකයි නේද?

2019 පඹයෙක්ව වීරයෙක් කරලා රට විනාශ  කර දැමුවා.

 

නමුත් කියන්නේ ඔහු රට සංවර්ධනය කරන්න ආව බව, සංවර්ධනය කරපු ආකාරය කියනවනම් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් කරපු ප්‍රකාශයක් පදනම් කරගෙන මෙසේ පෙන්වා දෙන්න පුළුවන්..

2022 මුල් මාස එකොළහ තුළ රාජ්‍ය වියදම බිලියන 3411 වන අතර 2023 මුල් මාස එකොළහ තුළ රාජ්‍ය වියදම  බිලියන 4792, බිලියන 1381 කින් වියදම වැඩි කරලා තියෙනවා. පුනරාවර්තන වියදම් විතරක් බිලියන 1345ක් ඉස්සරහින් තිබෙනවා.

 

ණය ප්‍රාග්ධනය ගෙවන්නැතුව වියදම් වැඩි කරලා තියෙන ආකාරය සූරා කාලා බදු මිල ආශ්‍රයෙන් සිදු කරනවා. නමුත් රාජ්‍ය ආදායම වැඩි කරගන්න කිසිදු වැඩ පිළිවෙලක් නැහැ. බදු මත පදනම්  වුන සන්දර්භයක මිනිසුන්ගේ ජීවිතය විනාශකාරී තත්ත්වයකට පත් කරලා තියෙනවා, නමුත් ආර්ථිකය හදන්න ආපු ජනාධිපති විශ්ව සංචාර ගිහින් ජීවිතය විඳිනවා. වියදම වැඩි කරලා.

රාජ්‍ය ආදායම කියන්නේ බදු විතරක්ම නොවේ. බදු බර අඩු කරන්න, විදේශ ආයෝජනය ගෙන එන්න විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත කණ්ඩායමක් අවශ්‍ය වෙනවා. පුළුල් ආර්ථික දැක්මක් තිබෙන,ආයෝජන අවස්ථා පුළුල් කර හැකි ඒ පිළිවෙලක් අවශ්‍ය වෙනවා.

 

@මාධ්‍ය ඒකකය

nalan mendis

නවතම ලිපි