ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාතුරව සිටින
හිටපු අමාත්‍ය සහ එජාප ප්‍රබලයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට අද (11) ගොස් ඇත.
ජයවික්‍රම පෙරේරා සහ පවුලේ ඥාතීන් සමග සුහඳ කතාබහක නිරත වූ ජනාධිපති රනිල් එම නිවස අසලට රැස්ව සිටි ප්‍රදේශයේ ජනතාව සමඟ ද පිළිසඳරකට එක් වූ බව පැවසේ.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා හිටපු අමාත්‍යවරයාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මෙන්ම වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව ඇත.